Thursday, May 11, 2017

Refresh Button එකෙන් කරන්නෙ මොකක්ද?

ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන අයෙකුනම් අනිවාර්යයෙන්ම Refresh බට්න් එක දවසට දහපාරක් වත් click කරනවා ඇති.ඇත්තටම අපි ගොඩ දෙනෙක් Refresh බට්න් එක click කරන්නේ එකෙන් පරිගණකයේ performance එක වැඩිවෙනවා කියල හිතාගෙන. නමුත් ඇත්තටම කිව්වොත් මේ Refresh බට්න් එකෙන් පරිගණකයේ  performance එක අඩුකරනවා කිව්වොත් ඔබ පිළිගන්නවද?

Refresh බට්න් එකෙන් මොකක්ද කරන්නේ?

ඇත්තටම නුතන පරිගණක වලටනම් මේ Refresh බට්න් එකෙන් එතරම් ප්‍රයෝජනයක් නැති උනත් Windows 98/2000/XP වගේ පරිගණක භාවිත කරපු අයටනම් මේ Refresh බට්න් එක සැහෙන ප්‍රයෝජනයක් උනා.ඇත්තටම මේකෙන් කරන්නේ මොකක්ද?

ඇත්තටම පරිගණක වලට GUI(Graphical User Interface) චිත්‍රණ අතුරුමුහුණත හදුන්වා දුන් කාලයේ අද වගේ පරිගණක වලට වෙනම GPU (Graphic Processing Unit) එකක් එහෙම නැත්නම් VGA කාඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් පරිගණකයේ මද්‍ය සැකසුම් ඒකකය (CPU) ට තමා Graphic Rendering එහෙම නැත්නම් අතුරුමුහුණත් නිර්මාණය කරන්න සිද්ද උනේ, මේ නිසා CPU එකට කරන්න තිබ්බ වැඩ ප්‍රමාණය වැඩි උනා.

මේකේ ලොකුම අමාරු දේ උනේ GUI එක frame මගින් වැඩ කිරීම. ඒ කියන්නේ GUI එකේ අපිට පෙනෙන හැම දෙයක්ම පෙන්නන්නේ  නිශ්චල පින්තුර රාශියක් ඉතාම වේගයෙන් අපිට පෙනෙන්නට සැලැස්වීම මගින් .මේ එක පින්තුරෙකට අපි කියනවා frame එකක් කියල. අපේ ඇහැට තප්පරෙන් 1/10ක් තුල පින්තුර දෙකක් පෙනුනොත් ඒ දෙක වෙන් කරලා හදුනා ගන්න බැහැ. ඉතින් පරිගණක තිරයේදී කරන්නේ තප්පයකදී පින්තුර 25ක් 30ක් පමණ ප්‍රමාණයක් අපිට පෙන්නනවා එතකොට අපිට ඒවා සුමට දර්ශනයක් විදියට පේනවා.මේ තප්පරයකට පෙන්නන frame ගානට අපි කියනවා fps අගය කියලත්. පහල video එක බැලුවම ඔයාලට මේ ගැන යම් අවබෝධයක් එයි.



නමුත් ඒ කලේ තිබ්බ දෘඩාංග එක්ක මේ වැඩේ සැහෙන්න අමාරු වැඩක් උනා.ඉතින් පරිගණක ඉංජිනේරුවන්ට සිදුවුණා මෘදුකාංග මගින් මේක වැඩිදියුණු කරන්න.ඉතින් ඔව්න් සිදු කලේ මෙහෙම වැඩක්.

අපි දන්නවා සාමාන්‍ය desktop තිරයේ තියෙනවා විවිදාකාරයේ දේවල්, අයිකන්,ස්ටාර්ට් මෙනු,ටාස්ක් බාර් එක,වෝල්පේපර් එක,මේ වගේ ගොඩක් දේවල් තියෙනවනේ.මේ හැමදෙයක්ම සෑම frame එකක් තුලදීම නැවත render (අදින්න )කරන්න  සිද්ද වෙනවා.ඉතින් මේ අතුරුමුහුණතේ තියෙන විවිදාකාරයේ කොටස් ගණන වැඩිවෙන්න වැඩිවෙන්න ඒවා නැවත අදින්න ගතවෙන කාලයත් වැඩිවෙනවා.මේ කාලය වැඩිවෙනවා කියන්නේ fps අගය අඩුවෙනවා. මොකද එතකොට CPU එකට බැරිවෙනවා තප්පරයට frame 25ක් පමණ පෙන්නගන්න.මේ නිසා මේ කාලය තුල පරිගණකය හිරවෙලා වගේ තමා තියෙන්නේ.

ඉතින් මේ තත්වය මග හරවන්න ඔව්න් කලේ අර පරිගණක තිරයේ තියෙන නිතරම වෙනස් නොවන දේවල් මග ඇරලා (my computer අයිකන් එක වගේ එව්වා ) අදාල මොහොතේදී වෙනස් උණු දේවල් පමණක් නැවත render කරන්න. ඉතින් මේ නිතරම වෙනස් වන දේවල් අදුනගන්න ඔවුන් විශේෂ උපක්‍රමයක් භාවිත කල ඒ තම වෙනස් උණු දේ Dirty ලෙස සලකුණු කිරීම.මේ මගින් CPU හි කාර්යක්ෂමතාව සැහෙන ප්‍රමාණයකින් වැඩිකරගන්න ඔවුන්ට පුළුවන් වෙනවා.

නමුත් CPU එකට පැවරෙන වැඩ ප්‍රමාණය අධික උනාම මේ ක්‍රමයේත් වැරදි මතු වෙන්න පටන් ගත්ත.සමහර අවස්ථාවලදී Dirty ලෙස සලකුණු කරපු දේවල් නැවත render කිරීමට මෙහෙයුම් පද්ධතියට මග හැරුන.එහෙම උනාම ඊලග frame එක render වෙද්දී ඒ දෙය Dirty ලෙස අදුනගනිමක් සිදුවෙන්නේ නැහැ. මේ නිසා සමහර අවස්ථාවලදී ඒ අයිකන් එක නොපෙනී යාම සිදු උනා. මේ දේ වලක්වා ගන්න ඔවුන් යොදාගත් උපක්‍රමය තම Refresh බට්න් එක හදුන්වා දීම.

Refresh බට්න් එක මගින් තිරයේ ඇති සියලුම දේවල් Dirty ලෙස සලකුණු කිරීම සිදුකරනවා.ඉතින් ඊලග frame එක render වෙද්දී නැවතත් සියලුම දේවල් අලුතින් ඇදෙන හින්ද ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

නමුත් වර්තමානය වන විට දෘඩාංග අතිශය දියුණු මට්ටමකට පැමිණ ඇති නිසා, අර මග හරිම සිදුවන්නේ ඉතාම අඩුවෙන්, නමුත් තවමත් ඒ සදහා අවස්ථාවක් තිබිය හැකි බැවින් Refresh බට්න් එක තවමත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල දැකගන්න පුළුවන්.

ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති Refresh බට්න් එක පරිගනකයේ Performance එක අඩු නොකරන බවත් එය තවත් පරිගණකයට කරදරයක් පමණක් බවත්. නමුත් වර්තමානයේ දෘඩාංග වල පවතින දියුණුව නිසා  Refresh බට්න් එක එබීම පරිගණකයට එතරම් බාධාවක් නොවේ.ඒ නිසා ඔබට ඇති තරම් refresh කරන්න ඔබට පුළුවන්.
මේ ලිපිය සකස් කරන්න උදව් කරගත්තේ මෙන්න මේ ලිපිය.
https://www.quora.com/What-exactly-does-the-refresh-button-do-in-Windows
ඉදිරියටත් මේ වගේ සමහරවිට මීට වැඩිය වෙනස් වෙච්ච පොස්ට් ඔයාලට දැකගන්න හැකිවේවි.දිගටම අපිත් එක්ක රැදී ඉන්න. ඔබේ අදහස් හෝ යෝජනා තියෙනවනම් ඒවත් අපිට එවන්න.
පොස්ට් එක හොදයි නම් යාලුවන්ටත් දැනගන්න share කරන්න
e-mail: techxsrilanka@gmail.com

No comments:

Post a Comment

ඔබේ අදහස් අපිට කියන්න