Sunday, April 16, 2017

ඔබේ facebook ගිනුමත් ආරක්ශිතද?

facebook කියන්නේ අද වනවිට මිනිසුන්ට රුපවාහිනිය,ගුවන්විදුලිය තරමටම සමීප මාධ්‍යයක් වෙලා ඉවරයි. facebook ගිණුමක් නැති කෙනෙක් හොයාගන්නවා කියන්නේ අද වෙනකොට ටිකක් අමාරු කාර්යයක් වෙලා.අපි හැමෝම අපේ යහළු මිත්‍රයන් සමග සම්බන්දකම් පවත්වන්නත් අපේ පෞද්ගලික ජිවිතයේ තතු විත්ති යහළු මිත්‍රයන්ට දන්වන්නත් facebook භාවිතා කරනවා. අද වෙනවිට බොහෝ දෙනෙක් තමන්ගේ පෞද්ගලික ජිවිතයේ සිදුවන සෑම දෙයක්ම facebook වෙත එක්කරන්නට පෙළබි තිබෙනවා. ඒ තමන්ගේ facebook ගිණුමේ ආරක්‍ෂිත භාවය ගැන මොහොතකටවත් නොසිතා. නිකමටවත් සිතන්න තමන්ගේ facebook ගිණුම වෙනත් අයෙකු අතට හසුඋනොතින් මොකද වෙන්නේ කියා? facebook සමාගම කෙතරම් තමන්ගේ ගිණුම් වල ආරක්‍ෂිත භාවය ගැන පැවසුවත් සැබවින්ම facebook කියන තරම්  ආරක්ශිතද?

මේකට දෙන්න පුළුවන් සරලම පිළිතුර තමා 'නැහැ'!, මොකද ලෝකයේ තියෙන කිසිම තොරතුරු පද්ධතියක් 100% අරක්ෂිතයි කියන්න බැහැ.නමුත් මෙහෙම කියපු ගමන් බයවෙන්න එපා! මොකද facebook වෙබ් අඩවිය හදල තියෙන්නේ මෝඩයෝ රැලක් එකතු වෙලා නෙමේ, ඔව්න් තමන්ගේ වෙබ් අඩවියේ ආරක්‍ෂිත භාවය වැඩි කරන්න හැම පියවරක්ම ගන්නවා. ඔබට facebook ගිණුමකට හොරෙන් ඇතුළුවෙන්න ඕනේ නම් ඔවුන්ගේ දැනුම අබිභවා යන්න ඔබට සිදුවෙනවා. facebook හෝ වෙනත් ඕනෑම අන්තර්ජාල වෙබ් අඩවියකට අවසර නැතිව අතුලුවෙනවට කියන්නේ "Hacking"  කියල. facebook නිර්මාපකයන් කොතරම් තමන්ගේ වෙබ් අඩවියේ ආරක්ෂාව වැඩි කරත් දිනකට ලොවපුරාම facebook ගිණුම් හැක් කිරීම් ලක්ෂ 6 ක් පමණ වාර්තා වෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද?

මේකට මුලිකම හේතුව තම facebook පරිශීලකයන්ගේ තියෙන නොසැලකිලිමත් කෑම. මේ හැක් කිරීම් වලින් බොහොමයක්ම ඒවා facebook වෙබ් අඩවියේම තියෙන Security Settings හරිහැටි භාවිත කරලා වලක්වගන්න පුළුවන් ඒවා. facebook වෙබ් අඩවිය මගින් සිය පරිශීලකයන්ට සිය ගිණුම ආරක්ෂිතව පවත්වා ගෙන යාමට හැකිවන පරිදි සැකසුම් කිහිපයක්ම ලබාදී තිබෙනවා.
පහත රුපයේ දැක්වෙන පරිදි දකුණු කෙලවරේ ඇති කුඩා ඊතලය click කර ඔබට Account Settings වෙතට පිවිසිය හැකිය.

ඉන්පසු ලැබෙන පිටුවේ ඇති Security Settings වෙත ගියපසු ඔබට ඔබේ ගිණුමේ ආරක්ෂාවට සැකසිය හැකි සැකසුම් කිහිපයක්ම දැකගත හැකි වේවි.

මෙහි ඇති මුල්ම සැකසුම සක්‍රිය කලපසු ඔබේ ගිණුමට ඔබ මෙතෙක් භාවිත නොකළ උපාංගයකින් පිවිසෙන විට ඔබට නොටිෆිකේෂන් එකක් ලැබේ. 
එලෙසම දෙවෙනි සැකසුම සක්‍රිය කල පසු අලුත් උපාංගයකින් ඔබේ ගිණුමට පිවිසීමට තැත් කරන විට ඔබෙන් Security Code එකක් ඉල්ලනවා, මේ කෝඩ් එක ඔයාගේ ෆෝන් එකට එන විදියට හදාගන්න පුළුවන් එතකොට ඔය හැරුනම වෙන කිසිම කෙනෙකුට ඔබේ ගිණුමට පිවිසෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙහි ඇති Recognized Devices වෙතට ගිය පසු ඔබට ඔබ මෙතෙක් facebook පිවිසීමට භාවිත කල උපාංගයන්ගේ ලැයිස්තුවක් දැකගන්න පුළුවන්.මතක තියාගන්න මේ ලයිස්තුවේ ඇති උපාංගයන්ගෙන් ඔබ facebook පිවිසෙන විට ඔබෙන් Securit Code එකක් ඉල්ලන්නේ නැහැ, ඒ නිසා ඔබ නිතරම facebook පිවිසීමට භාවිත කරන පරිගණකය හෝ දුරකථනය හැරුණුවිට අනික් සියලුම උපාංග මේ ලැයිස්තුවෙන් අයින් කර දමන්න. ඒ වගේම ඔබ වෙනත් කොහෙහරි තැනකින් facebook ලොග් උන පසු ඒ උපාංගයත් මේ ලැයිස්තුවට එකතු වෙනවා ඒ නිසා අදාල වැඩේ කරගත්ත සැනින් ඒ උපාංගය මේ ලැයිස්තුවෙන් අයින් කර දමන්න අමතක කරන්න එපා.
ඒ වගේම මෙහි තියෙන Where You're Logged In වෙත ගියපසු ඔබට ඔබ ලොග් වූ තැන වෙලාව ලොග් වූ බ්‍රව්සරය ආදී සවිස්තර විස්තරයක් දැකගන්න පුළුවන් මෙහි අසාමාන්‍ය තොරතුරු තියේනම් ඔබට අදාල Activity එක end කරන්න පුළුවන්.ඒ කියන්නේ අර ලැයිස්තුවෙන් ඉවත් කරනවට සමාන දෙයක්.
මේ ආකාරයට සැකසුම් හදල ඔබේ ගිණුමේ ආරක්‍ෂිත භාවය වැඩි කරගන්න පුළුවන් උනත් මේ මගින් 100% ක් ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. ඉතිරිය ඔයාගේ සැලකිල්ල අනුව තමා තීරණය වෙන්නේ. facebook පමණක් නෙවේ ඔබ නිතරම අන්තර්ජාලය භාවිත කරන කෙනෙක් නම් පහත දැක්වෙන ආරක්‍ෂිත පියවර අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න වෙනවා.


1.හොද virusguard එකක් install කරගන්න

මන් මුලින්ම කිව්වනේ  facebook හැක් කරන්නනම් හොද මොලයක් තියෙන්න ඕනේ කියල, එතකොට ඔය  facebook හැක් කරන අය ඔක්කොම පට්ට වැඩකාරයෝද ? එක වෙන්න බැරි දෙයක් කියල ඔයාලට තේරෙනවනේ.ඉතින් එයාල කොහොමද හැක් කරන්නේ? මේකට එයාල ගොඩක් ක්‍රම පාවිච්චි කරනවා, හරියට කව්රුහරි ඔයා username, password ගහද්දි හොරෙන් බලන් ඉදල  username, password හොයාගන්නවා වගේ වැඩ තමා එයාල කරන්නේ, එයාල හැක් වලට පාවිච්චි කරන මුලික ක්‍රම දෙකක් තියෙනවා.
1. Keylogger
2.Phishing Web Sites

Keylogger කියන්නේ ඔබේ පරිගණකයේ ස්ථාපනය වන නරක වැඩසටහනක් (Malware) මේ මගින් කරන්නේ ඔබ යතුරුපුවරුවේ ටයිප් කරන සෑම දේම සටහන් කරගෙන, Keylogger වැඩසටහන හදපු කෙනාට ඔබේ තොරතුරු යැවීම , username, password විතරක් නෙමේ ඔබේ ක්‍රෙඩිට් කාඩ් අංක පවා මේ නිසා හොරුන් අතට පත්වෙන්න පුළුවන්.

Phishing Web Sites කියන්නේ ප්‍රසිද්ධ වෙබ් අඩවි වල පෙනුම තියෙන වියාජ වෙබ් අඩවි. මේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් විසින් බොහෝවිට කරන්නේ ඊ මේල් මගින් ඔවුන්ගේ වෙබ් අඩවි වල ලින්ක් ඔබ වෙතට එවීම.හිතන්න කවුරුහරි  facebook වෙබ් අඩවියට සමාන වියාජ වෙබ් අඩවියක් හදල ඔබට එකේ ලින්ක් එක එව්වා කියල. ඔබ ඒ ලින්ක් එකට ගියාම ඔබට පෙන්නේ සම්පුර්ණයෙන්ම කිසි වෙනසක් නැති  facebook වෙබ් අඩවිය නමුත් ඔබ ඉන්නේ බොරු වෙබ් අඩවියක, ඉතින් ඔබ මේකේ ඔබේ username, password ගහල ලොග් වෙච්ච ගමන් ඔබේ username, password  හැකර්කරුවන් අතට පත්වෙලා ඉවරය්.මේවගෙන් බේරෙන්න ලේසිම ක්‍රමය තමා නොදන්නා ලින්ක් ක්ලික් නොකර සිටීම සහ බ්‍රව්සරයේ URL එක එහෙම නැත්නම් වෙබ් ලිපිනය පරික්ෂා කිරීම. URL එකේ තියෙන්නේ ඔබ බලාපොරොත්තු උණු වෙබ් ලිපිනය නෙමෙය් නම් අනිවාර්යයෙන් වියාජ වෙබ් අඩවියක්, හැකි ඉක්මනින් ඒ වෙබ් අඩවියෙන් ඉවත් වෙන්න.පහල තියෙන්නේ ඒ වගේ වියාජ වෙබ් අඩවියක්.නමුත් මේ වනවිට සමහර වියාජ වෙබ් අඩවි සාදන්නන් ඔබේ  වෙබ් බ්‍රව්සරයේ වියාජ වෙබ් ලිපින පෙන්වීමට තරම් සුක්ෂම වෙලා තියෙනවා.

ඉහත කියපු කරුණු දෙකින්ම ඔබට බේරෙන්න පුළුවන් හොද virusguard එකක් install කළානම්.


2.නිතරම Password එක මාරු කරන්න 

අඩුම ගානේ මාසෙකට සැරයක් වත් ඔයාගේ password එක මාරු කරන්න

3.පුද්ගලික පරිගණකයට password එකක් දාන්න 

අපි නිතරම පාවිච්චි කරන අපේ පුද්ගලික පරිගණකයේ තියෙන බ්‍රව්සර් එකේ අපේ ගිණුම් වල password save කරලා තියන්න අපි පුරුදු වෙලා තියෙනවා. අපේ ලේසියට එහෙම කලත් මේ බ්‍රව්සර් වලින් අපේ ඒ password එක බලාගන්න පහසුකම් සලසල දීල තියෙනවා, ඒ නිසා ඔයා ඔයාගේ පරිගණකයට password එකක් දාල නැත්නම් මේ password බලාගන්න ඔයාගේ පරිගණකය පාවිච්චි කරන ඔයාගේ යාලුවටත් පුළුවන් වෙනවා, මේ නිසා පරිගණකයට password එකක් දාන්නත්, යාළුවන්ට පරිගණකය දෙනවනම් Guest Account එකක් හරහා පරිගණකය පාවිච්චි කරන්න දෙන්න.

4.පොදු ස්ථානවලින් පෞද්ගලික ගිණුම් වලට පිවිසෙන්න එපා!

Internet Cafe, පුස්තකාල, Computer lab වගේ තැන වලින් කිසිවිටෙක ඔබේ පෞද්ගලික ගිණුම් වලට පිවිසෙන්න එපා, මොකද මේ වගේ තැන තම හැකර්ලගේ ප්‍රදාන ඉලක්කයන්, ඔවුන් මේ වගේ තැන වල keyloggers ල install කරලා තියෙන්න පුළුවන්.ඒ වගේම ඔබට සමහර වෙලාවට අමතක වෙලා logout නොවෙන්න පුළුවන්.එහෙම උනොත් ඊළගට එන කෙනාට පුළුවන් කිසි මහන්සියක් නැතුව ඔබේ ගිණුමට පිවිසෙන්න. ඔබට වෙන කරන්නම දෙයක් නැති උනොත් බ්‍රව්සර් වල තියෙන Incognito Mode හරි Private Browsing හරි පාවිච්චි කරන්න.

ඔබගේ පෞද්ගලික ජීවිතය වටින්නේ ඔබටයි.එහි ආරක්ෂාව රැකගැනීම ඔබ සතු කාරණයක්.අපි මගතොටදී යනකොට පරිස්සමෙන් යනවට වැඩි පරිස්සමකින් තම අන්තර්ජාලය පාවිච්චි කරන්න ඕනේ, මොකද මගතොටදී ඔබට අනතුරක් කරන්න එන කෙනා ඔබට හොදින් දැකගන්න පුළුවන්, නමුත් අන්තර්ජාලයේදී ඔබට අනතුරක් කරන්න එන කෙනා සැතපුම් දහස් ගානක දුරින් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් සමහරවිට ඔබ ලගින් වැඩි වෙලා ඉන්න කෙනා වෙන්නත් පුළුවන්,ඒ කොහොමවෙතත් ඔබ ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරනන්වනම්, අනිත් අයට ලේසියෙන් ඔබට අනතුරක් කරන්න පුළුවන් වෙන්නෙ නැහැ,

ඉදිරියටත් මේ වගේ සමහරවිට මීට වැඩිය වෙනස් වෙච්ච පොස්ට් ඔයාලට දැකගන්න හැකිවේවි.දිගටම අපිත් එක්ක රැදී ඉන්න. ඔබේ අදහස් හෝ යෝජනා තියෙනවනම් ඒවත් අපිට එවන්න.
පොස්ට් එක හොදයි නම් යාලුවන්ටත් දැනගන්න share කරන්න
e-mail: techxsrilanka@gmail.com
facebook: https://www.facebook.com/techXsrilanka/


No comments:

Post a Comment

ඔබේ අදහස් අපිට කියන්න