ගූගල් මැප්ස් කියන්නෙ මග තොටේ ගමන් කරන කා අතරත් ජනප්‍රිය app එකක්. නොදන්න තැනක් හොයාගන්න නොදන්නා පාරක් හොයාගන්න, නොදන්නා තැනකට යන්න ගතවෙන වෙලාව හොයාගන්න ,මෙකි නොකී ගොඩක් දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් ගුගල් මැප්ස් පාවිච්චි කරලා.ගූගල් මැප්ස් වල තියෙන ඉතාම ප්‍රයෝජනවත් විශේෂාංගයක් තමයි මේ මොහොතේ මාර්ග තදබදය දැනගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාව වගේ රටක ජිවත් වෙන යට මේකේ ප්‍රයෝජනය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.ඉතින් අද අපි කතාකරන්න යන්නේ කොහොමද මේ විදියට ට්‍රැෆික් පෙන්නන්නේ කියල.
අපේ අතට ලේසියෙන්ම මේ app එක ලගා උනාට, ලස්සනට ට්‍රැෆික් තියෙන පාරවල් රතු පාටිනුත් ට්‍රැෆික් නැති පාරවල් කහ එහෙම නැත්නම් කොළ පාටින් පෙන්නුවට, මේකේ backend එකෙන් ඒ කියන්නේ ඇතුලාන්තයෙන් අපිට නොපෙනෙන සැහෙන වැඩ කොටසක් කෙරිලා තමා අපි ලගට ඔය ලස්සන අතුරුමුහුණත එන්නේ.ඉතින් ඇත්තටම ගූගල් සමාගම කොහොමද මේ පාරවල් වල තියෙන ට්‍රැෆික් එක ගැන දැනගන්නේ? විශේෂයෙන්ම ලෝකේ ඕනෙම රටවල තියෙන පාරක ට්‍රැෆික් තොරතුරු ගුගල් සමාගම කොහොමද දැනගන්නේ?
මේ ට්‍රැෆික් තොරතුරු පෙන්නන්න ගුගල් සමාගම ආකාර දෙකක දත්ත පාවිච්චි කරනවා. අදාල මාර්ගය පිළිබද ඉතිහාසගත දත්ත හා තත්කාලීන (real time) දත්ත තමා මේ දත්ත දෙවර්ගය.යම් කිසි මාර්ගයක මෙතෙක් ගමන් කල රථ වල වේගයන් සහ පිහිටීම් පිළිබද දත්ත ගුගල් සමාගමේ දත්ත සමුදායන් (databases) වල ගබඩා කර තිබෙනවා ඒවා තමා ඉතිහාසගත දත්ත විදියට හදුන්වන්නේ. ඊට අමතරව අදාල මොහොතේදී එම මාර්ගයේ ගමන් කරන රථ මගින් එම මාර්ගයේ දත්ත ගුගල් සමගම වෙත එවනවා ඒවා තම තත්කාලීන දත්ත විදියට හදුන්වන්නේ.මේ රථ මගින් එවන දත්තම තම පසුකලෙක ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඉතිහාසගත දත්ත විදියට ගුගල් සමාගමේ දත්ත ගබඩාවල ගබඩා වෙන්නේ. ඉතින් මේ දත්ත දෙවර්ගයම පදනම් කරගෙන විශේෂ අල්ගොරිතම් වලට අනුව ගුගල් මැප්ස් app එක මගින් අදාල මාර්ගයේ ට්‍රැෆික් ඔබට පෙන්නනවා.

දැන් එතකොට කොහොමද මේ තත්කාලීන දත්ත එකතු කරන්නේ? මුල් කාලයේ මේ සදහා ගුගල් සමාගම භාවිතා කලේ අදාල රටේ රාජ්‍ය ප්‍රවාහන පද්ධතියට අයත් වාහන වල සහ පෞද්ගලික ආයතන වල වාහන වල සවිකරන ලද රේඩාර් සංවේදක මගින් එවන ලද දත්ත.නමුත් මේ වාහන ගොඩක් වෙලාවට ගමන් කලේ ප්‍රධාන මාර්ගවල පමණක් නිසා මුල් කාලයේ මේ සේවය ප්‍රධාන මාර්ග වලට පමණක් සීමා උනා.
නමුත් 2009 සිට ගුගල් සමාගම android පරිශීලකයන් මගින් එවන දත්තද ගුගල් මැප්ස් වලට යොදාගත්තා. හිතන්න ඔබ ඔබේ android දුරකතනයේ gps සේවාව සක්‍රිය කරගෙන වාහනයක ගමන් කරනවා කියා.ඔබේ දුරකථනය මගින් අඥාතව ඔබේ වේගය සහ පිහිටීම පිළිබද දත්ත ගුගල් සමගම වෙත යවනවා. මේ දත්තද ගුගල් සමගම මගින් ට්‍රැෆික් අනාවැකි කීමේදී සැලකිල්ලට ගන්නවා, නමුත් මෙතැනදී ඇත්තටම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මොකද සමහරවිට පාරේ ඇවිදිමින් ගමන් කරන පුද්ගලයෙක්ගේ දුරකතනයකින්, පාර අයිනේ නවත්තගෙන ඉන්න වහනයක් තුල සිටින පුද්ගලයෙක්ගෙන් උනත් ගුගල් සමාගමට වැරදි දත්ත යැවෙන්න පුළුවන්. ඉතින් මේ දත්ත වලින් නිවැරදි දත්ත තෝරාගැනීමේ ක්‍රමවේදයන් ගුගල් සමාගම සතුව තියෙනවා.මොකද android දුරකථන මගින් එවන දත්ත වලින්ම පමණක් නෙවෙය්නේ ඔවුන් දත්ත එකතු කරන්නේ.ඒ වගේම android පරිශීලකයන් ගණන වැඩි වෙන්න වැඩි වෙන්න මේ ක්‍රමයේ නිවැරදි භාවය වැඩි වෙනවා.ඒ නිසා වඩා නිවැරදි අනාවැකි කියන්න ගුගල් මැප්ස් යෙදුමට පුළුවන් වෙනවා.
ඒ වගේම 2013 දී ලෝකයේ විශාලම ප්‍රජා මුලික ට්‍රැෆික් ජාලයක් උණු WAZE සමාගම ගුගල් සමාගම විසින් අත්පත් කරගැනීමත් සමගම ගුගල් මැප්ස් වෙත තවත් අලුත් විශේෂාංග එකතු කරන්න ගුගල් සමාගම සමත් උනා. මේ නිසා රියදුරන්ට පුළුවන් වෙනවා මාර්ගයේ තියෙන අනතුරු, බාධක පිළිබද ගුගල් මැප්ස් වෙත දන්වන්න ඒ හරහා අනිත් සියලු දෙනාට ඒවා පෙන්වීමේ ක්‍රමවේදයක් ගුගල් මැප්ස් සතුව දැන් තිබෙනවා.
මේ අපි කතාකලේ ගුගල් සමාගම දත්ත එකතු කරන හැටි විතරයි, මේ එකතු කරන දත්ත ප්‍රයෝජනවත් ආකාරයට සැකසීම ඒවා පරිශීලකයන් අතට පත් කිරීම ආදිය අපිට හිතාගන්නවත් බැරි තරමට සංකීර්ණයි.
නමුත් ගුගල් සමාගමේ සේවකයින්ගේ දක්ෂතාවය නිසා අපිට පහසුවෙන් මේ දේවල් කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
අද ලිපිය සකස් කරන්න උදව් කරගත්තේ මේ ලිපිය:
http://electronics.howstuffworks.com/how-does-google-maps-predict-traffic.htm
ඉදිරියටත් මේ වගේ සමහරවිට මීට වැඩිය වෙනස් වෙච්ච පොස්ට් ඔයාලට දැකගන්න හැකිවේවි.දිගටම අපිත් එක්ක රැදී ඉන්න. ඔබේ අදහස් හෝ යෝජනා තියෙනවනම් ඒවත් අපිට එවන්න.
e-mail: techxsrilanka@gmail.com
facebook: https://www.facebook.com/techXsrilanka/
No comments:
Post a Comment
ඔබේ අදහස් අපිට කියන්න