Friday, April 7, 2017

ගෙදරදීම Ink Cartridge රිෆිල් කරමු

අද වන විට ශ්‍රී ලංකාවේ පරිගණකයක් නැති ගෙදරක් හොයාගන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. තොරතුරු තාක්ෂණයේ සීග්‍ර දියුණුව හින්දා ලංකාවේ අපිත් තාක්ෂණයට සැහෙන්න ලං වෙලා.ඉතින් printer එක එහෙමත් නැත්නම් මුද්‍රණ යන්ත්‍රය කියන එකත් අද අපේ ගෘහ භාණ්ඩයක් වෙලා ඉවරයි. පරිගණකයක් තියෙන හැම ගෙදරකම වගේ ප්‍රින්ටර් එකකුත් දැකගන්න පුලුවන්.

ප්‍රින්ටර් ගත්තොත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් දැකගන්න අපිට පුළුවන්.

  1. Ink-jet printer
  2. Laser printer 
මේ පොස්ට් එක ප්‍රින්ටර් ගැන දාන පොස්ට් එකක් නොවෙන හින්ද මම ඒ ගැන විස්තර කරන්න යන්නේ නැහැ.ඒ ගැන පසු දවසක විස්තර කරන්නම්. අද ගොඩක් ගෙවල් වල දැක ගන්න හම්බවෙන්නේ මේ Ink-jet වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර. 

අද වන විට හොද ඉන්ක්ජෙට් ප්‍රින්ටර් යන්ත්‍රයක් රු 5000 කටත් වඩා අඩු මුදලකට වෙළදපොලෙන් මිලදී ගන්න පුළුවන්. (සමහර වෙලාවට ඊටත් අඩුවෙන් )

ඒ වගේම ගොඩක් පරිගණක වෙළෙන්දන් පරිගණක අලෙවි කිරීමේ උපක්‍රමයක් වශයෙන් ප්‍රින්ටර් නොමිලේ ලබාදීමට කටයුතු කරනවා. ඉතින් සල්ලි වලට හරි නොමිලේ හරි ප්‍රින්ටර් එකක් ගෙදර අරන් ආවා කියමුකෝ.
ඉතින් ඕක පාවිච්චි කරද්දී කාලයක් යද්දී කාට්‍රිජ් එහෙම නැත්නම් තීන්ත ඉවර වෙනවා. ඉතින් තව දුරටත් ප්‍රින්ටර් එක පාවිච්චි කරන්න නම් කාට්‍රිජ් එකක් අලුතින් දාන්න වෙනවා. දැන් කාට්‍රිජ් එකක් ගන්න කඩේට ගියාම තමා වැඩේ තරම තේරෙන්නේ. ප්‍රින්ටර් එකට වැඩිය ගණන් කාට්‍රිජ්.

ඉතින් දැන් මොකද කරන්නේ? අලුතින් ප්‍රින්ටර් එකක් ගන්නවද ?

මේකට කරන්න තියෙන හොදම දේ තම කාට්‍රිජ් එක රිෆිල් කරන එක එහෙම නැත්නම් අලුතින් තීන්ත පුරවන එක. ඉන්ක්ජෙට් ප්‍රින්ටර් වල කාට්‍රිජ් දෙකක් තියෙනවා කළු පාටට එකක් සහ වර්ණ මුද්‍රණය සදහා තව එකක්.
ඉතින් රිෆිල් කරන ෂොප් එකකින් ඔයාට පුළුවන් කළු කාට්‍රිජ් එක රුපියල්  150 වගේ මුදලකටත් වර්ණ කාට්‍රිජ් එක රුපියල් 500 ක් වගේ මුදලකටත් රිෆිල් කරගන්න. 

එත් අද මම කියන්න යන්නේ කඩේකට දීල රිෆිල් කරගන්න එක ගැන නෙමේ ගෙදරදීම ඔය කියන වැඩේ කරගන්න හැටි !

පියවර 01

මුලින්ම කරන්න තියෙන්නේ පහල තියෙන වගේ  Refill-Kit එකක් මිලදී ගන්න. ටිකක් හොයාගන්න අමාරු වෙය් එත් බම්බලපිටිය පැත්තේ රවුමක් ගැහුවොතින් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. එහෙම නැත්තන් ඔයාට පුළුවන් e-bay එක හරහා හෝ වෙනත් අන්තර්ජාල වෙලදපොලකින් ගෙන්වා ගන්න. පහල  ලින්ක් එකේ  තියෙන්නේ ඒ වගේ අඩු මිලකට ගෙන්න ගන්න පුළුවන් රිෆිල් කිට් එකක්.

http://www.ebay.com/itm/271259498570?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

https://www.bchtechnologies.com/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/1/_/1_2.jpg


පියවර 02


රිෆිල් කිට් එකක් හොයාගත්තට පස්සේ මේ පොඩි දේවල් ටිකත් හොයාගන්න

  1. සෙලෝටේප් රෝලක්
  2. ටිෂු කඩදාසි කිහිපයක් 
  3. පත්තර කොළ කිහිපයක් 

පියවර 03


දැන් තියෙන්නේ ප්‍රින්ටර් එකෙන් කාට්‍රිජ් එක ගලවගන්න එක. හැම ප්‍රින්ටර් එකකම මැනුවල් එකේ කාට්‍රිජ් එක ගලවන විදිය සදහන් කරලා තියෙනවා. ඒ උපදෙස් අනුගමනය කරලා කාට්‍රිජ් එක ගලවන්න. මැනුවල් එක ලග නැත්නම් ප්‍රින්ටර් එකේ මොඩෙල් එක සදහන් කරලා ගූගල් සෙව්මක් කරනම් පහසුවෙන්ම කාට්‍රිජ් එක ගලවන විදිය හොයාගන්න පුළුවන්.පහල වීඩියෝ එකේ තියෙන්නේ hp ප්‍රින්ටර් එකක කාට්‍රිජ් එක ගලවන විදිය. අනිත් ප්‍රින්ටර් මාදිලි වලත් ඔය වගේ ක්‍රියා පිළිවෙලක් තමා අනුගමනය කරන්න තියෙන්නෙ.

පියවර 03


වැදගත්ම දේ ඔයාගේ කාට්‍රිජ් එක රිෆිල් කරලා නැවත පාවිච්චි කරන්න සුදුසු තත්ත්වයේ තියේද කියල පරික්ෂා කරගන්න වෙනවා.
ටි කාලයක් පාවිච්චි නොකර තිබ්බම කාට්‍රිජ් එකේ  තීන්ත වේලිලා හිරවෙන්න පුළුවන් මේ වගේ වෙලාවට ප්‍රින්ටර් එකට  කලින් වගේ ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද කාට්‍රිජ් එකෙන් ප්‍රින්ටර් එකට තීන්ත එන්නේ නැහැනේ. ඒ නිසා අපි මුලින්ම කාට්‍රිජ් එක වැඩ කරන තත්වයේ තියේද කියල බලන්න ඕනේ.එකට කරන්න ඕනේ ටිෂු කඩදාසියෙන් කාට්‍රිජ් එකේ යට අඩිය පිහිදල බලන්න තීන්ත පාරක් හිටිනවද කියල එහෙම තීන්ත පාරක් හිටිනවනම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතිව රිෆිල් කරන්න පුළුවන්.

කාට්‍රිජ් එකෙන් තීන්ත එන්නෙ නැත්තන් වැඩේ දරුණුයි. ඒ කියන්නේ සමහර වෙලාවට කාට්‍රිජ් එක විසි කරන්න වෙන්නත් සිද්දවෙනවා.හැබැයි එහෙම තීන්ත හිරවුණු කාට්‍රිජ් එකක් උනත්  යථා තත්වයට පත් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඒ හින්ද බයවෙන්නෙපා. ඒවා ගැන පස්සේ දවසක පොස්ට් එකක් දාන්නම්.


පියවර 04

දැන් තමා වැඩේට බහින්න තියෙන්නෙ. ඔක්කොටම කලින් කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා.
  1. මුලින්ම ඔයාට අත් ආවරණ දෙකක් පලදගන්න වෙනවා. මොකද අතේ තීන්ත ගෑවුනොත් යවාගන්න සැහෙන අමාරුයි.
  2. ගොඩක් වෙලාවට ඔයාට රිෆිල් කිට් එකත් එක්කත් මැනුවල් එකක් හම්බවෙනවා ඒකත් පොඩ්ඩක් කියවල හිටියොත් හොදයි.
  3. දැන් ටිෂු කොලේ දෙකට නවල එක උඩින් කාට්‍රිජ් එක තියාගන්න මේ විදියට

පියවර 05

දැන් ඊලග වැඩේ තමා කාට්‍රිජ් එකේ තීන්ත ඇතුල් කරන සිදුරු හොයාගන්න එක. කළු කාට්‍රිජ් එකේ නම් එක සිදුරයි තියෙන්නෙ හැබැයි වර්ණ කාට්‍රිජ් එකේ සිදුරු තුනක් තියෙනවා. ඉතින් අදාළ පාට තීන්ත ඇතුළු කරන්න අදාල සිදුරු හොයාගන්න වෙනවා.විශේෂයෙන් සැලකිල්ලක් දක්වල නිවැරදි සිදුරු තුන තෝරාගන්න මොකද වැරදි සිදුරකට වැරදි පාටක් ඇතුළු කලොත් ඔයාට කාට්‍රිජ් එක විසිකරන්න වෙනවා. මේකටත් කාට්‍රිජ් එකේ මොඩෙල් එක google සෙව්මක් කලානම් පහසුවෙන් හොයාගන්න පුළුවන්.ඒ නැතත් සිදුර දිහා හොදින් බැලුවනම් ඒ සිදුරට අදාල පාට බලාගන්න පුළුවන්.(සිදුරු බලාගන්න නම් උඩ  තියෙන ස්ටිකර් එක ගලවන්න වෙනවා)
copyrights:http://images.pcworld.com/images/article/2011/05/hp_cartridge_holes_606-5170615.jpg

පියවර 06

දැන් තියෙන්නේ තීන්ත ඇතුල් කරන වැඩේ.මේකට ගොඩක් වෙලාවට රිෆිල් කිට් එකත් එක්කම එන සිරින්ජිය භාවිත කරන්න පුළුවන් සිරින්ජියක් හම්බුනේ නැත්නම් ෆාමසියකින් සිරින්ජි හතරක් ගන්න වෙනව පාට හතරට.දැන් කට්ට සිදුරෙන් හැකිතාක් ඇතුලට දමා තීන්ත ඇතුල් කරන්න.තීන්ත ඇතුළු කිරීමේදී ඇතුලට වායු බුබුළු නොයන පරිදි ඇතුළු කරන්න.
තීන්ත ඉහිරෙන්නැති වෙන්න හෙමින් තීන්ත ඇතුළු කරන්න.සිදුර තුලින් තීන්ත එලියට එන්න හදන තෙක් තීන්ත ඇතුළු කරන්න.තීන්ත ඇතුළු කර අවසානයේ කටුව සෙමින් එලියට ගන්න.
ඉන්පසු සිදුරු වැහෙන පරිදි සෙලෝටේප් කැබැල්ලක් අලවන්න.පාට හතරම ඔය විදියට පුරවන්න.

පියවර 07

දැන් වැඩේ 90% ක් ම ඉවරයි. දැන් ටිෂු කොලෙන් කාට්‍රිජ් එකේ තීන්ත එලියට එන කොටස පිහිදමන්න, සිහින් වර්ණ තීරුවක් පමණක් පෙනෙන තෙක් පිසදමන්න.(වර්ණ කාට්‍රිජ් එකේ තීරු තුනක් තිබිය යුතුයි)
copyright:http://www.wikihow.com/Refill-an-Inkjet-Printer-Cartridge#/Image:Refill-and-Reuse-a-Printer-Cartridge-Step-18.jpg

දැන් ඉතුරු වෙලා තියෙන්නේ කාට්‍රිජ් එක ප්‍රින්ටර් එකට ඇතුළු කරන එක විතරයි. ඊට පස්සේ ප්‍රින්ටර් එක පරිගණකයට සම්බන්ධ කරලා test page එකක් ප්‍රින්ට් කරලා බලන්න.


මේක තම මේ බ්ලොග් එකේ පලවෙනි පොස්ට් එක. පොස්ට් එක හොදයි නම් share කරලා අපිට සහයෝගයක් දෙන්න.මේ ලිපිය සකස් කරන්න උදව් කරගත්තේ මෙන්න මේ wikipedia ලිපිය,
ඉදිරියටත් මේ වගේ සමහරවිට මීට වැඩිය වෙනස් වෙච්ච පොස්ට් ඔයාලට දැකගන්න හැකිවේවි.දිගටම අපිත් එක්ක රැදී ඉන්න. ඔබේ අදහස් හෝ යෝජනා තියෙනවනම් ඒවත් අපිට එවන්න.
e-mail: techxsrilanka@gmail.com
facebook: https://www.facebook.com/techXsrilanka/


No comments:

Post a Comment

ඔබේ අදහස් අපිට කියන්න