තාක්ෂණයේ දියුණුව ඔබේ රැකියාව ඔබට අහිමි කරයිද?
ලෝකය දියුණු වෙන්නේ අපිට හිතාගන්නවත් බැරි වේගයකින්, මීට අවුරුදු පහළොවකට විස්සකට විතර කලින් අපි සිනමා පට වලින් පමණක් දුටු බොහොමයක් දේවල් අද වනවිට සැබෑ වෙලා තියෙනවා.ජංගම දුරකථනය මීට හොදම උදාහරණයක්.මීට දශක දෙකකට පමණ කලින් උපකරණ රාශියකින් කල දේවල් අද වනවිට ඔබ අතැති කුඩා ජංගම දුරකතනයෙන් කරගන්න පුළුවන්.
සරලවම කිව්වොත් මීට අවුරුදු විස්සකට පෙර තිබ්බ ලෝකේ නෙමේ අද තියෙන්නේ.ඒ වගේම අදින් අවුරුදු විස්සකට පස්සේ තියෙන ලෝකෙත් අපිට හිතාගන්න බැරිතරම් දියුණු ලෝකයක් වෙයි.
මේ තාක්ෂණික දියුණුව හින්දම අද වෙනකොටත් මිනිස් ශ්‍රමය පාවිච්චි කරලා කරපු ගොඩක් දේවල් යන්ත්‍ර එහෙමත් නැත්නම් රොබෝලා මගින් කරගන්න තැනට අද ලෝකය පත්වෙලා තියෙනවා.1870 දී ඇමෙරිකාවේ ජනගහනයෙන් 50% ක්ම කෘෂිකර්මාන්තයේ දීල තියෙනවා නමුත් 2008 වෙද්දී ඇමෙරිකාවේ ජනගහනයෙන් 2%ක් වැනි සුළු පිරිසක් තම කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ, මේ 2% ට පුළුවන් වෙනවා ඇමෙරිකාවේ සම්පුර්ණ ආහාර අවශ්‍යතාව සපුරන්න.ඒ කොහොමද? අද වනවිට පැළ සිටුවීමේ සිට අස්වනු නෙලාගැනීම දක්වා කටයුතු වලින් 90% ක් පමණ සිද්ද වෙන්නේ යන්ත්‍රෝපකරණ භාවිතයෙන්,ඉතින් මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ඉතාම අඩුවෙන්, ඉතින් එතකොට ඉතුරු 48% ට මොකද උනේ ???ඒක ගැන තමා අද අපි කතාකරන්න යන්නේ.
ඇත්තටම ඇමෙරිකාවේ විතරක් නෙවේ ලංකාව ඇතුළු ලෝකේ සියලුම රටවල වැසියන්ට වර්තමානයේ මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නයක් තමා තාක්ෂණයේ දියුණුව නිසා සාම්ප්‍රදායික රැකියා තර්ජනයට ලක්වීම. Forbes වෙබ් අඩවිය මගින් ලොවින් ඉක්මනින්ම තුරන් විය හැකි රැකියා 20ක් නම් කර තිබෙනවා.පහත සබැදිය මගින් එම ලිපියට පිවිසිය හැකියි.
ගොවීන්,තැපැල්කරුවන්,කෝකියන්,මහන මැෂින් ක්‍රියාකරුවන් ආදී රැකියා කරන්නන් ඒ ලයිස්තුවේ ඉහලින්ම ඉන්නවා.
ඉතින් ඔබේ රස්සාවත් හෙටින් ඉවර උනොත් ඔබ මොකද කරන්නේ? මේ කියන දේට ඔය අද ඉදලම ලෑස්ති වෙන්න ඕනේ.ඇත්තම කිව්වොත් ඔබේ රැකියාව අහිමි වීම ගැන ඔබ බියවිය යුතු නැහැ. මොකද කිව්වොත් නැතිවෙන රැකියා වෙනුවට අලුත් රැකියා ලෝකෙට එනවා. එක කොහොමද වෙන්නේ? තාක්ෂනය දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්ට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මිනිස්සුන්ට නිදහසේ ඉන්න තියෙන වෙලාව වැඩි වෙනවා. ඉතින් එතකොට මිනිස්සු අලුත් අලුත් දේවල් කරන්න පෙලබෙනවා. මේ නිසා අලුත් අලුත් දේවල් ලෝකෙට එනවා. ඒවා ඇසුරු කරගෙන රැකියා බිහිවෙනවා. හොදම උදාහරණෙ තමා කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකේ ඇතිවුණු තත්වේ. පොඩ්ඩක් හිතල බලන්න අද ලෝකේ තියෙන රැකියා වලින් කොච්චර සුළු ප්‍රමාණයක්ද ඒ දවස්වල ලෝකේ තිබුනේ. ඉතින් දැන් තියෙන්නේ තොරතුරු තාක්ෂණ විප්ලවය. කාර්මික විප්ලවයට වැඩ දැවැන්ත වෙනසක් ලෝකෙට කරන්න තොරතුරු තාක්ෂනෙට පුළුවන් වෙලා තියෙනවා.
හැබැයි ඔයාගේ පැත්තෙනුත් වෙන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයත් තාක්ෂනෙත් එක්ක update වෙන්න ඕනේ ඒ කියන්නේ යාවත්කාලින වෙන්න ඕනේ. මෙහෙම හිතමුකෝ ඔයා මීට අවුරුදු විස්සකට කලින් ජිවත් වුනු යතුරුලියන කරුවෙක් කියල, ඔය දන්නේ ටයිප් රයිටරෙන් වැඩ කරන්න විතරක් නම් ඔයාට අද ලෝකේ රස්සාවක් තියෙයිද ? හැබැයි ඔය ඒ දවස්වල අනාගතේ දැකල පරිගණකයෙන් ලිපි සකසන්න ඉගෙනගත්තනම් අදත් ඔයාට කරන්න රස්සාවක් තියෙනවනේද? මේ එක උදාහරණයක් විතරයි.
ඉතින් ඔයා අද ලෝකේ ජිවත් උනත් ඉස්සරහට ලෝකේ ඇතිවෙන ප්‍රවනතාවයන් ගැන දැනුවත් වෙන්න ඕනේ. අද වනවිට කෘතීම බුද්ධි පරිගණක ක්ශ්‍රේත්‍රය සීග්‍රයෙන් දියුණු වෙනවා. මේ නිසා ස්වයන් පාලක වාහන, ස්වයන් පාලක රොබෝවරු ඔබේ ගෙදරට එන දිනය වැඩි ඈතක නොවෙන බව නම් කියන්න පුළුවන්.ඉතින් ඇත්තටම මේ අනාගතයට ඔබ සුදානම්ද?
ඉදිරියටත් මේ වගේ සමහරවිට මීට වැඩිය වෙනස් වෙච්ච පොස්ට් ඔයාලට දැකගන්න හැකිවේවි.දිගටම අපිත් එක්ක රැදී ඉන්න. ඔබේ අදහස් හෝ යෝජනා තියෙනවනම් ඒවත් අපිට එවන්න.
e-mail: techxsrilanka@gmail.com
facebook: https://www.facebook.com/techXsrilanka/
No comments:
Post a Comment
ඔබේ අදහස් අපිට කියන්න