Sunday, May 21, 2017

ලොව එතෙක් මෙතෙක් සිදුවූ ප්‍රබලතම පරිගණක වයිරස් ප්‍රහාර 10

පහුගිය දිනක ඇතිවූ පරිගණක වයිරස් ප්‍රහාරය නිසා ලොව රටවල් රැසක පරිගණක අකර්මන්‍ය වුවා.අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ මෙතෙක් සිදුවූ ප්‍රබලතම වයිරස් ප්‍රහාර 10 ගැන.


10. Storm Worm

2007 ජනවාරි මාසයේ යුරෝපයේ සහ ඇමෙරිකාවේ පරිගණක රැසකට කාලගුණ විපතක් ගැන කියවෙන email පණිවිඩයක් ලෙස මේ වෛරසය වියාප්ත වී තිබේ.මෙම වෛරසයට ලක්වූ පරිගණක හැකර්ස්ලා තවත් spam පණිවුඩ යැවීමට භාවිත කර තිබෙන අතර ජනවාරි මාසය තුල ලොව වෛරස් ආසාදන වලින් 8% කටම වගකියන්න මේ වෛරසයට පුළුවන් වී තිබෙනවා.
https://en.wikipedia.org/wiki/Storm_Worm#/media/File:Cybercrime_wikifoto.jpg
9. OSX/RSPlug Trojan

apple පරිගණක ඉලක්ක කරගෙන සිදුවූ පළමු වෛරස් ප්‍රහාරය මෙය වන අතර මේ වෛරසය මගින් පරිගණකයේ DNS සැකසුම් වෙනස් කර ඔබේ බ්‍රව්සරය වීයාජ වෙබ් අඩවි වලට යොමු කරනු ලබයි.මෙයද ව්‍යාප්ත වූයේ 2007 වසරේදියි.

8. Netsky and Sasser

Sven Jaschan නමැති ජර්මන් තරුණයෙක් විසින් මෙම වෛරසය නිර්මාණය කර තිබෙන අතර මෙය windows xp, windows 2000 වැනි පරිගණක මෙහෙයුම් පද්ධති ඉලක්ක කරගෙන තැනූවක්.මෙම වෛරසය නිසා AFP සමාගමට සිය වැඩකටයුතු නවතා දැමීමට සිදුව තිබෙන අතර,  Delta Air Lines සමාගමට සිය ගුවන් ගමන් නතර කිරීමට ද සිදුව තිබෙනවා.මීට අමතරව බොහෝ රෝහල්,විශ්වවිද්‍යාල වලට සිය පරිගණක පද්ධති අන්තර්ජාලයෙන් විසන්ධි කර තිබීමටද සිදුව තිබෙනවා.

7. The Blaster Worm

මෙය 2003 දී මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙබ් අඩවිය ඉලක්ක කරගෙන සිදුවූ වෛරස් ප්‍රහාරයක් වූ අතර ලොව පුරා පරිගණක මිලියන ගණනක් අඩපන කරන්නට මෙය සමත් වී තිබෙන අතර, මෙය නිපදවූ අයෙක් තවමත් සොයාගැනීමට හැකිවී නැහැ.

6. The Melissa virus

David L Smith නම් ඇමෙරිකානුවෙක් විසින් සෑදු මෙම වෛරසය email මගින් ව්‍යාප්ත වී තිබෙනවා,වෛරසය අසාදනය වූ පරිගණක වල word ගොනු වලට ඉබේම  "Twenty-two points, plus triple-word score, plus fifty points for using all my letters. Game's over. I'm outta here."
යන වාක්‍යය එකතු වී තිබේ.

5. I LOVE YOU 

2000 මැයි මාසයේ ලොව පුරා ව්‍යාප්ත වූ මෙය මගින් සිදුකර තිබෙන්නේ මිලියන ගණනක් පරිගණක වෙත I LOVE YOU යනුවෙන් පණිවුඩ යැවීමයි.

4. Anna Kournikova computer worm

Jan de Wit නමැති ලන්දේසි ජාතිකයෙකු විසින් මේ වෛරසය සාදා ඇත්තේ 2001 දිය, මෙයද I LOVE YOU වෛරසය මෙන්ම email මගින් ව්‍යාප්ත වුවක්. Anna Kournikova  නම් ටෙනිස් ක්‍රීඩිකාවක ගේ ජායාරූපයක් ලෙසින් මෙය ඒවා තිබෙන අතර එය විවුර්ත කල විගසම outlook  address list එකේ ඇති සියලුම දෙන වෙතට මේ email පණිවිඩය ස්වයන්ක්‍රියව පිටපත් වීම සිදුවී තිබේ.

3. CIH

මෙය 1998 දී Chen Ing-hau නමැති තායිවාන විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයෙකු විසින් සදා ඇති අතර එය ලොව පුරා පරිගණක මිලියන 60 කට පමණ දරුණු හානි සිදු කරන්නට සමත්ව තිබෙනවා, වෙන වයිරස මෙන් නොව මෙය පරිගණකයේ දෘඩාංග වලට හානි පමුණුවන්නට සමත් වී තිබෙනවා. BIOS චිප් එක තුල තිබෙන දත්ත මකා දමන්නට මෙයට හැකිවී තිබෙනවා.මේ නිසා ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ පාඩුවක් වී තිබෙනවා. කෙසේ වෙතත් වයිරසය ව්‍යාප්ත වීමත් සමග සිය විශ්වවිද්‍යාලීය සිසු සිසුවියන්ගෙන් සමව ඉල්ලා තිබෙන ඔහු ඒ සදහා ප්‍රතිවය්රස යෙදුමකුත් සදා තිබෙනවා.

2. The Concept virus

මෙය MICROSOFT සමාගම මගින් අත්වැරදීමකින් පිටවූ වෛරසයකි.MICROSOFT WORD මෘදුකාංගය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ ප්‍රථම වෛරසය මෙය වෙනවා.

1. The Morris worm

1998 දී Morris නමැති විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයෙකු විසින් නිපදවන ලද මෙය එවකට අන්තර්ජාලයට සම්බන්ධව තිබූ පරිගණක වලින් 10%ක් ම අඩපන කරන්නට සමත් වී තිබෙනවා.
By Go Card USA from Boston, USA - Museum of Science - Morris Internet Worm, CC BY-SA 2.0, https://commons.wikimedia.org/w/index.php?curid=3959700

මේ ලිපිය සකස් කරන්න උදව් කරගත්තේ මෙන්න මේ ලිපිය.
http://www.telegraph.co.uk/technology/5012057/Top-10-worst-computer-viruses-of-all-time.html


ඉදිරියටත් මේ වගේ සමහරවිට මීට වැඩිය වෙනස් වෙච්ච පොස්ට් ඔයාලට දැකගන්න හැකිවේවි.දිගටම අපිත් එක්ක රැදී ඉන්න. ඔබේ අදහස් හෝ යෝජනා තියෙනවනම් ඒවත් අපිට එවන්න.
පොස්ට් එක හොදයි නම් යාලුවන්ටත් දැනගන්න share කරන්න

e-mail: techxsrilanka@gmail.com

No comments:

Post a Comment

ඔබේ අදහස් අපිට කියන්න