Thursday, April 27, 2017
EXMO 2017
ශ්‍රී ලංකාවේ පුරෝගාමී තාක්ෂණික විශ්වවිද්‍යාලය වන මොරටුව විශ්වවිද්‍යාලය සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන EXMO 2017 වසරේ දැවැන්තම ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය 2017 අප්‍රේල් 28, 29 යන දෙදින තුල මොරටුව විශ්වවිද්‍යාල භූමියේ දී උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වේ.
Sunday, April 16, 2017
ඔබේ facebook ගිනුමත් ආරක්ශිතද?
facebook කියන්නේ අද වනවිට මිනිසුන්ට රුපවාහිනිය,ගුවන්විදුලිය තරමටම සමීප මාධ්‍යයක් වෙලා ඉවරයි. facebook ගිණුමක් නැති කෙනෙක් හොයාගන්නවා කියන්නේ අද වෙනකොට ටිකක් අමාරු කාර්යයක් වෙලා.අපි හැමෝම අපේ යහළු මිත්‍රයන් සමග සම්බන්දකම් පවත්වන්නත් අපේ පෞද්ගලික ජිවිතයේ තතු විත්ති යහළු මිත්‍රයන්ට දන්වන්නත් facebook භාවිතා කරනවා. අද වෙනවිට බොහෝ දෙනෙක් තමන්ගේ පෞද්ගලික ජිවිතයේ සිදුවන සෑම දෙයක්ම facebook වෙත එක්කරන්නට පෙළබි තිබෙනවා. ඒ තමන්ගේ facebook ගිණුමේ ආරක්‍ෂිත භාවය ගැන මොහොතකටවත් නොසිතා. නිකමටවත් සිතන්න තමන්ගේ facebook ගිණුම වෙනත් අයෙකු අතට හසුඋනොතින් මොකද වෙන්නේ කියා? facebook සමාගම කෙතරම් තමන්ගේ ගිණුම් වල ආරක්‍ෂිත භාවය ගැන පැවසුවත් සැබවින්ම facebook කියන තරම් ආරක්ශිතද?
මේකට මුලිකම හේතුව තම facebook පරිශීලකයන්ගේ තියෙන නොසැලකිලිමත් කෑම. මේ හැක් කිරීම් වලින් බොහොමයක්ම ඒවා facebook වෙබ් අඩවියේම තියෙන Security Settings හරිහැටි භාවිත කරලා වලක්වගන්න පුළුවන් ඒවා. facebook වෙබ් අඩවිය මගින් සිය පරිශීලකයන්ට සිය ගිණුම ආරක්ෂිතව පවත්වා ගෙන යාමට හැකිවන පරිදි සැකසුම් කිහිපයක්ම ලබාදී තිබෙනවා.
පහත රුපයේ දැක්වෙන පරිදි දකුණු කෙලවරේ ඇති කුඩා ඊතලය click කර ඔබට Account Settings වෙතට පිවිසිය හැකිය.
මේකට දෙන්න පුළුවන් සරලම පිළිතුර තමා 'නැහැ'!, මොකද ලෝකයේ තියෙන කිසිම තොරතුරු පද්ධතියක් 100% අරක්ෂිතයි කියන්න බැහැ.නමුත් මෙහෙම කියපු ගමන් බයවෙන්න එපා! මොකද facebook වෙබ් අඩවිය හදල තියෙන්නේ මෝඩයෝ රැලක් එකතු වෙලා නෙමේ, ඔව්න් තමන්ගේ වෙබ් අඩවියේ ආරක්‍ෂිත භාවය වැඩි කරන්න හැම පියවරක්ම ගන්නවා. ඔබට facebook ගිණුමකට හොරෙන් ඇතුළුවෙන්න ඕනේ නම් ඔවුන්ගේ දැනුම අබිභවා යන්න ඔබට සිදුවෙනවා. facebook හෝ වෙනත් ඕනෑම අන්තර්ජාල වෙබ් අඩවියකට අවසර නැතිව අතුලුවෙනවට කියන්නේ "Hacking" කියල. facebook නිර්මාපකයන් කොතරම් තමන්ගේ වෙබ් අඩවියේ ආරක්ෂාව වැඩි කරත් දිනකට ලොවපුරාම facebook ගිණුම් හැක් කිරීම් ලක්ෂ 6 ක් පමණ වාර්තා වෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද?
මේකට මුලිකම හේතුව තම facebook පරිශීලකයන්ගේ තියෙන නොසැලකිලිමත් කෑම. මේ හැක් කිරීම් වලින් බොහොමයක්ම ඒවා facebook වෙබ් අඩවියේම තියෙන Security Settings හරිහැටි භාවිත කරලා වලක්වගන්න පුළුවන් ඒවා. facebook වෙබ් අඩවිය මගින් සිය පරිශීලකයන්ට සිය ගිණුම ආරක්ෂිතව පවත්වා ගෙන යාමට හැකිවන පරිදි සැකසුම් කිහිපයක්ම ලබාදී තිබෙනවා.
පහත රුපයේ දැක්වෙන පරිදි දකුණු කෙලවරේ ඇති කුඩා ඊතලය click කර ඔබට Account Settings වෙතට පිවිසිය හැකිය.
ඉන්පසු ලැබෙන පිටුවේ ඇති Security Settings වෙත ගියපසු ඔබට ඔබේ ගිණුමේ ආරක්ෂාවට සැකසිය හැකි සැකසුම් කිහිපයක්ම දැකගත හැකි වේවි.
මෙහි ඇති මුල්ම සැකසුම සක්‍රිය කලපසු ඔබේ ගිණුමට ඔබ මෙතෙක් භාවිත නොකළ උපාංගයකින් පිවිසෙන විට ඔබට නොටිෆිකේෂන් එකක් ලැබේ.
එලෙසම දෙවෙනි සැකසුම සක්‍රිය කල පසු අලුත් උපාංගයකින් ඔබේ ගිණුමට පිවිසීමට තැත් කරන විට ඔබෙන් Security Code එකක් ඉල්ලනවා, මේ කෝඩ් එක ඔයාගේ ෆෝන් එකට එන විදියට හදාගන්න පුළුවන් එතකොට ඔය හැරුනම වෙන කිසිම කෙනෙකුට ඔබේ ගිණුමට පිවිසෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙහි ඇති Recognized Devices වෙතට ගිය පසු ඔබට ඔබ මෙතෙක් facebook පිවිසීමට භාවිත කල උපාංගයන්ගේ ලැයිස්තුවක් දැකගන්න පුළුවන්.මතක තියාගන්න මේ ලයිස්තුවේ ඇති උපාංගයන්ගෙන් ඔබ facebook පිවිසෙන විට ඔබෙන් Securit Code එකක් ඉල්ලන්නේ නැහැ, ඒ නිසා ඔබ නිතරම facebook පිවිසීමට භාවිත කරන පරිගණකය හෝ දුරකථනය හැරුණුවිට අනික් සියලුම උපාංග මේ ලැයිස්තුවෙන් අයින් කර දමන්න. ඒ වගේම ඔබ වෙනත් කොහෙහරි තැනකින් facebook ලොග් උන පසු ඒ උපාංගයත් මේ ලැයිස්තුවට එකතු වෙනවා ඒ නිසා අදාල වැඩේ කරගත්ත සැනින් ඒ උපාංගය මේ ලැයිස්තුවෙන් අයින් කර දමන්න අමතක කරන්න එපා.
ඒ වගේම මෙහි තියෙන Where You're Logged In වෙත ගියපසු ඔබට ඔබ ලොග් වූ තැන වෙලාව ලොග් වූ බ්‍රව්සරය ආදී සවිස්තර විස්තරයක් දැකගන්න පුළුවන් මෙහි අසාමාන්‍ය තොරතුරු තියේනම් ඔබට අදාල Activity එක end කරන්න පුළුවන්.ඒ කියන්නේ අර ලැයිස්තුවෙන් ඉවත් කරනවට සමාන දෙයක්.
මේ ආකාරයට සැකසුම් හදල ඔබේ ගිණුමේ ආරක්‍ෂිත භාවය වැඩි කරගන්න පුළුවන් උනත් මේ මගින් 100% ක් ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. ඉතිරිය ඔයාගේ සැලකිල්ල අනුව තමා තීරණය වෙන්නේ. facebook පමණක් නෙවේ ඔබ නිතරම අන්තර්ජාලය භාවිත කරන කෙනෙක් නම් පහත දැක්වෙන ආරක්‍ෂිත පියවර අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න වෙනවා.
1.හොද virusguard එකක් install කරගන්න
මන් මුලින්ම කිව්වනේ facebook හැක් කරන්නනම් හොද මොලයක් තියෙන්න ඕනේ කියල, එතකොට ඔය facebook හැක් කරන අය ඔක්කොම පට්ට වැඩකාරයෝද ? එක වෙන්න බැරි දෙයක් කියල ඔයාලට තේරෙනවනේ.ඉතින් එයාල කොහොමද හැක් කරන්නේ? මේකට එයාල ගොඩක් ක්‍රම පාවිච්චි කරනවා, හරියට කව්රුහරි ඔයා username, password ගහද්දි හොරෙන් බලන් ඉදල username, password හොයාගන්නවා වගේ වැඩ තමා එයාල කරන්නේ, එයාල හැක් වලට පාවිච්චි කරන මුලික ක්‍රම දෙකක් තියෙනවා.
1. Keylogger
2.Phishing Web Sites
Keylogger කියන්නේ ඔබේ පරිගණකයේ ස්ථාපනය වන නරක වැඩසටහනක් (Malware) මේ මගින් කරන්නේ ඔබ යතුරුපුවරුවේ ටයිප් කරන සෑම දේම සටහන් කරගෙන, Keylogger වැඩසටහන හදපු කෙනාට ඔබේ තොරතුරු යැවීම , username, password විතරක් නෙමේ ඔබේ ක්‍රෙඩිට් කාඩ් අංක පවා මේ නිසා හොරුන් අතට පත්වෙන්න පුළුවන්.
Phishing Web Sites කියන්නේ ප්‍රසිද්ධ වෙබ් අඩවි වල පෙනුම තියෙන වියාජ වෙබ් අඩවි. මේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් විසින් බොහෝවිට කරන්නේ ඊ මේල් මගින් ඔවුන්ගේ වෙබ් අඩවි වල ලින්ක් ඔබ වෙතට එවීම.හිතන්න කවුරුහරි facebook වෙබ් අඩවියට සමාන වියාජ වෙබ් අඩවියක් හදල ඔබට එකේ ලින්ක් එක එව්වා කියල. ඔබ ඒ ලින්ක් එකට ගියාම ඔබට පෙන්නේ සම්පුර්ණයෙන්ම කිසි වෙනසක් නැති facebook වෙබ් අඩවිය නමුත් ඔබ ඉන්නේ බොරු වෙබ් අඩවියක, ඉතින් ඔබ මේකේ ඔබේ username, password ගහල ලොග් වෙච්ච ගමන් ඔබේ username, password හැකර්කරුවන් අතට පත්වෙලා ඉවරය්.මේවගෙන් බේරෙන්න ලේසිම ක්‍රමය තමා නොදන්නා ලින්ක් ක්ලික් නොකර සිටීම සහ බ්‍රව්සරයේ URL එක එහෙම නැත්නම් වෙබ් ලිපිනය පරික්ෂා කිරීම. URL එකේ තියෙන්නේ ඔබ බලාපොරොත්තු උණු වෙබ් ලිපිනය නෙමෙය් නම් අනිවාර්යයෙන් වියාජ වෙබ් අඩවියක්, හැකි ඉක්මනින් ඒ වෙබ් අඩවියෙන් ඉවත් වෙන්න.පහල තියෙන්නේ ඒ වගේ වියාජ වෙබ් අඩවියක්.නමුත් මේ වනවිට සමහර වියාජ වෙබ් අඩවි සාදන්නන් ඔබේ වෙබ් බ්‍රව්සරයේ වියාජ වෙබ් ලිපින පෙන්වීමට තරම් සුක්ෂම වෙලා තියෙනවා.
ඉහත කියපු කරුණු දෙකින්ම ඔබට බේරෙන්න පුළුවන් හොද virusguard එකක් install කළානම්.
2.නිතරම Password එක මාරු කරන්න
අඩුම ගානේ මාසෙකට සැරයක් වත් ඔයාගේ password එක මාරු කරන්න
3.පුද්ගලික පරිගණකයට password එකක් දාන්න
අපි නිතරම පාවිච්චි කරන අපේ පුද්ගලික පරිගණකයේ තියෙන බ්‍රව්සර් එකේ අපේ ගිණුම් වල password save කරලා තියන්න අපි පුරුදු වෙලා තියෙනවා. අපේ ලේසියට එහෙම කලත් මේ බ්‍රව්සර් වලින් අපේ ඒ password එක බලාගන්න පහසුකම් සලසල දීල තියෙනවා, ඒ නිසා ඔයා ඔයාගේ පරිගණකයට password එකක් දාල නැත්නම් මේ password බලාගන්න ඔයාගේ පරිගණකය පාවිච්චි කරන ඔයාගේ යාලුවටත් පුළුවන් වෙනවා, මේ නිසා පරිගණකයට password එකක් දාන්නත්, යාළුවන්ට පරිගණකය දෙනවනම් Guest Account එකක් හරහා පරිගණකය පාවිච්චි කරන්න දෙන්න.
4.පොදු ස්ථානවලින් පෞද්ගලික ගිණුම් වලට පිවිසෙන්න එපා!
Internet Cafe, පුස්තකාල, Computer lab වගේ තැන වලින් කිසිවිටෙක ඔබේ පෞද්ගලික ගිණුම් වලට පිවිසෙන්න එපා, මොකද මේ වගේ තැන තම හැකර්ලගේ ප්‍රදාන ඉලක්කයන්, ඔවුන් මේ වගේ තැන වල keyloggers ල install කරලා තියෙන්න පුළුවන්.ඒ වගේම ඔබට සමහර වෙලාවට අමතක වෙලා logout නොවෙන්න පුළුවන්.එහෙම උනොත් ඊළගට එන කෙනාට පුළුවන් කිසි මහන්සියක් නැතුව ඔබේ ගිණුමට පිවිසෙන්න. ඔබට වෙන කරන්නම දෙයක් නැති උනොත් බ්‍රව්සර් වල තියෙන Incognito Mode හරි Private Browsing හරි පාවිච්චි කරන්න.
ඔබගේ පෞද්ගලික ජීවිතය වටින්නේ ඔබටයි.එහි ආරක්ෂාව රැකගැනීම ඔබ සතු කාරණයක්.අපි මගතොටදී යනකොට පරිස්සමෙන් යනවට වැඩි පරිස්සමකින් තම අන්තර්ජාලය පාවිච්චි කරන්න ඕනේ, මොකද මගතොටදී ඔබට අනතුරක් කරන්න එන කෙනා ඔබට හොදින් දැකගන්න පුළුවන්, නමුත් අන්තර්ජාලයේදී ඔබට අනතුරක් කරන්න එන කෙනා සැතපුම් දහස් ගානක දුරින් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන් සමහරවිට ඔබ ලගින් වැඩි වෙලා ඉන්න කෙනා වෙන්නත් පුළුවන්,ඒ කොහොමවෙතත් ඔබ ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරනන්වනම්, අනිත් අයට ලේසියෙන් ඔබට අනතුරක් කරන්න පුළුවන් වෙන්නෙ නැහැ,
ඉදිරියටත් මේ වගේ සමහරවිට මීට වැඩිය වෙනස් වෙච්ච පොස්ට් ඔයාලට දැකගන්න හැකිවේවි.දිගටම අපිත් එක්ක රැදී ඉන්න. ඔබේ අදහස් හෝ යෝජනා තියෙනවනම් ඒවත් අපිට එවන්න.
පොස්ට් එක හොදයි නම් යාලුවන්ටත් දැනගන්න share කරන්න
පොස්ට් එක හොදයි නම් යාලුවන්ටත් දැනගන්න share කරන්න
e-mail: techxsrilanka@gmail.com
facebook: https://www.facebook.com/techXsrilanka/

Wednesday, April 12, 2017
Google Maps වල ට්‍රැෆික් පෙන්නන්නේ කොහොමද?
ගූගල් මැප්ස් කියන්නෙ මග තොටේ ගමන් කරන කා අතරත් ජනප්‍රිය app එකක්. නොදන්න තැනක් හොයාගන්න නොදන්නා පාරක් හොයාගන්න, නොදන්නා තැනකට යන්න ගතවෙන වෙලාව හොයාගන්න ,මෙකි නොකී ගොඩක් දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් ගුගල් මැප්ස් පාවිච්චි කරලා.ගූගල් මැප්ස් වල තියෙන ඉතාම ප්‍රයෝජනවත් විශේෂාංගයක් තමයි මේ මොහොතේ මාර්ග තදබදය දැනගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාව වගේ රටක ජිවත් වෙන යට මේකේ ප්‍රයෝජනය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.ඉතින් අද අපි කතාකරන්න යන්නේ කොහොමද මේ විදියට ට්‍රැෆික් පෙන්නන්නේ කියල.
අපේ අතට ලේසියෙන්ම මේ app එක ලගා උනාට, ලස්සනට ට්‍රැෆික් තියෙන පාරවල් රතු පාටිනුත් ට්‍රැෆික් නැති පාරවල් කහ එහෙම නැත්නම් කොළ පාටින් පෙන්නුවට, මේකේ backend එකෙන් ඒ කියන්නේ ඇතුලාන්තයෙන් අපිට නොපෙනෙන සැහෙන වැඩ කොටසක් කෙරිලා තමා අපි ලගට ඔය ලස්සන අතුරුමුහුණත එන්නේ.ඉතින් ඇත්තටම ගූගල් සමාගම කොහොමද මේ පාරවල් වල තියෙන ට්‍රැෆික් එක ගැන දැනගන්නේ? විශේෂයෙන්ම ලෝකේ ඕනෙම රටවල තියෙන පාරක ට්‍රැෆික් තොරතුරු ගුගල් සමාගම කොහොමද දැනගන්නේ?
මේ ට්‍රැෆික් තොරතුරු පෙන්නන්න ගුගල් සමාගම ආකාර දෙකක දත්ත පාවිච්චි කරනවා. අදාල මාර්ගය පිළිබද ඉතිහාසගත දත්ත හා තත්කාලීන (real time) දත්ත තමා මේ දත්ත දෙවර්ගය.යම් කිසි මාර්ගයක මෙතෙක් ගමන් කල රථ වල වේගයන් සහ පිහිටීම් පිළිබද දත්ත ගුගල් සමාගමේ දත්ත සමුදායන් (databases) වල ගබඩා කර තිබෙනවා ඒවා තමා ඉතිහාසගත දත්ත විදියට හදුන්වන්නේ. ඊට අමතරව අදාල මොහොතේදී එම මාර්ගයේ ගමන් කරන රථ මගින් එම මාර්ගයේ දත්ත ගුගල් සමගම වෙත එවනවා ඒවා තම තත්කාලීන දත්ත විදියට හදුන්වන්නේ.මේ රථ මගින් එවන දත්තම තම පසුකලෙක ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඉතිහාසගත දත්ත විදියට ගුගල් සමාගමේ දත්ත ගබඩාවල ගබඩා වෙන්නේ. ඉතින් මේ දත්ත දෙවර්ගයම පදනම් කරගෙන විශේෂ අල්ගොරිතම් වලට අනුව ගුගල් මැප්ස් app එක මගින් අදාල මාර්ගයේ ට්‍රැෆික් ඔබට පෙන්නනවා.

දැන් එතකොට කොහොමද මේ තත්කාලීන දත්ත එකතු කරන්නේ? මුල් කාලයේ මේ සදහා ගුගල් සමාගම භාවිතා කලේ අදාල රටේ රාජ්‍ය ප්‍රවාහන පද්ධතියට අයත් වාහන වල සහ පෞද්ගලික ආයතන වල වාහන වල සවිකරන ලද රේඩාර් සංවේදක මගින් එවන ලද දත්ත.නමුත් මේ වාහන ගොඩක් වෙලාවට ගමන් කලේ ප්‍රධාන මාර්ගවල පමණක් නිසා මුල් කාලයේ මේ සේවය ප්‍රධාන මාර්ග වලට පමණක් සීමා උනා.
නමුත් 2009 සිට ගුගල් සමාගම android පරිශීලකයන් මගින් එවන දත්තද ගුගල් මැප්ස් වලට යොදාගත්තා. හිතන්න ඔබ ඔබේ android දුරකතනයේ gps සේවාව සක්‍රිය කරගෙන වාහනයක ගමන් කරනවා කියා.ඔබේ දුරකථනය මගින් අඥාතව ඔබේ වේගය සහ පිහිටීම පිළිබද දත්ත ගුගල් සමගම වෙත යවනවා. මේ දත්තද ගුගල් සමගම මගින් ට්‍රැෆික් අනාවැකි කීමේදී සැලකිල්ලට ගන්නවා, නමුත් මෙතැනදී ඇත්තටම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මොකද සමහරවිට පාරේ ඇවිදිමින් ගමන් කරන පුද්ගලයෙක්ගේ දුරකතනයකින්, පාර අයිනේ නවත්තගෙන ඉන්න වහනයක් තුල සිටින පුද්ගලයෙක්ගෙන් උනත් ගුගල් සමාගමට වැරදි දත්ත යැවෙන්න පුළුවන්. ඉතින් මේ දත්ත වලින් නිවැරදි දත්ත තෝරාගැනීමේ ක්‍රමවේදයන් ගුගල් සමාගම සතුව තියෙනවා.මොකද android දුරකථන මගින් එවන දත්ත වලින්ම පමණක් නෙවෙය්නේ ඔවුන් දත්ත එකතු කරන්නේ.ඒ වගේම android පරිශීලකයන් ගණන වැඩි වෙන්න වැඩි වෙන්න මේ ක්‍රමයේ නිවැරදි භාවය වැඩි වෙනවා.ඒ නිසා වඩා නිවැරදි අනාවැකි කියන්න ගුගල් මැප්ස් යෙදුමට පුළුවන් වෙනවා.
ඒ වගේම 2013 දී ලෝකයේ විශාලම ප්‍රජා මුලික ට්‍රැෆික් ජාලයක් උණු WAZE සමාගම ගුගල් සමාගම විසින් අත්පත් කරගැනීමත් සමගම ගුගල් මැප්ස් වෙත තවත් අලුත් විශේෂාංග එකතු කරන්න ගුගල් සමාගම සමත් උනා. මේ නිසා රියදුරන්ට පුළුවන් වෙනවා මාර්ගයේ තියෙන අනතුරු, බාධක පිළිබද ගුගල් මැප්ස් වෙත දන්වන්න ඒ හරහා අනිත් සියලු දෙනාට ඒවා පෙන්වීමේ ක්‍රමවේදයක් ගුගල් මැප්ස් සතුව දැන් තිබෙනවා.
මේ අපි කතාකලේ ගුගල් සමාගම දත්ත එකතු කරන හැටි විතරයි, මේ එකතු කරන දත්ත ප්‍රයෝජනවත් ආකාරයට සැකසීම ඒවා පරිශීලකයන් අතට පත් කිරීම ආදිය අපිට හිතාගන්නවත් බැරි තරමට සංකීර්ණයි.
නමුත් ගුගල් සමාගමේ සේවකයින්ගේ දක්ෂතාවය නිසා අපිට පහසුවෙන් මේ දේවල් කරගන්න පුළුවන් වෙලා තියෙනවා.
අද ලිපිය සකස් කරන්න උදව් කරගත්තේ මේ ලිපිය:
http://electronics.howstuffworks.com/how-does-google-maps-predict-traffic.htm
ඉදිරියටත් මේ වගේ සමහරවිට මීට වැඩිය වෙනස් වෙච්ච පොස්ට් ඔයාලට දැකගන්න හැකිවේවි.දිගටම අපිත් එක්ක රැදී ඉන්න. ඔබේ අදහස් හෝ යෝජනා තියෙනවනම් ඒවත් අපිට එවන්න.
e-mail: techxsrilanka@gmail.com
facebook: https://www.facebook.com/techXsrilanka/
Sunday, April 9, 2017
තාක්ෂණයේ දියුණුව ඔබේ රැකියාව ඔබට අහිමි කරයිද?
තාක්ෂණයේ දියුණුව ඔබේ රැකියාව ඔබට අහිමි කරයිද?
ලෝකය දියුණු වෙන්නේ අපිට හිතාගන්නවත් බැරි වේගයකින්, මීට අවුරුදු පහළොවකට විස්සකට විතර කලින් අපි සිනමා පට වලින් පමණක් දුටු බොහොමයක් දේවල් අද වනවිට සැබෑ වෙලා තියෙනවා.ජංගම දුරකථනය මීට හොදම උදාහරණයක්.මීට දශක දෙකකට පමණ කලින් උපකරණ රාශියකින් කල දේවල් අද වනවිට ඔබ අතැති කුඩා ජංගම දුරකතනයෙන් කරගන්න පුළුවන්.
සරලවම කිව්වොත් මීට අවුරුදු විස්සකට පෙර තිබ්බ ලෝකේ නෙමේ අද තියෙන්නේ.ඒ වගේම අදින් අවුරුදු විස්සකට පස්සේ තියෙන ලෝකෙත් අපිට හිතාගන්න බැරිතරම් දියුණු ලෝකයක් වෙයි.
මේ තාක්ෂණික දියුණුව හින්දම අද වෙනකොටත් මිනිස් ශ්‍රමය පාවිච්චි කරලා කරපු ගොඩක් දේවල් යන්ත්‍ර එහෙමත් නැත්නම් රොබෝලා මගින් කරගන්න තැනට අද ලෝකය පත්වෙලා තියෙනවා.1870 දී ඇමෙරිකාවේ ජනගහනයෙන් 50% ක්ම කෘෂිකර්මාන්තයේ දීල තියෙනවා නමුත් 2008 වෙද්දී ඇමෙරිකාවේ ජනගහනයෙන් 2%ක් වැනි සුළු පිරිසක් තම කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ, මේ 2% ට පුළුවන් වෙනවා ඇමෙරිකාවේ සම්පුර්ණ ආහාර අවශ්‍යතාව සපුරන්න.ඒ කොහොමද? අද වනවිට පැළ සිටුවීමේ සිට අස්වනු නෙලාගැනීම දක්වා කටයුතු වලින් 90% ක් පමණ සිද්ද වෙන්නේ යන්ත්‍රෝපකරණ භාවිතයෙන්,ඉතින් මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙන්නේ ඉතාම අඩුවෙන්, ඉතින් එතකොට ඉතුරු 48% ට මොකද උනේ ???ඒක ගැන තමා අද අපි කතාකරන්න යන්නේ.
ඇත්තටම ඇමෙරිකාවේ විතරක් නෙවේ ලංකාව ඇතුළු ලෝකේ සියලුම රටවල වැසියන්ට වර්තමානයේ මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නයක් තමා තාක්ෂණයේ දියුණුව නිසා සාම්ප්‍රදායික රැකියා තර්ජනයට ලක්වීම. Forbes වෙබ් අඩවිය මගින් ලොවින් ඉක්මනින්ම තුරන් විය හැකි රැකියා 20ක් නම් කර තිබෙනවා.පහත සබැදිය මගින් එම ලිපියට පිවිසිය හැකියි.
ගොවීන්,තැපැල්කරුවන්,කෝකියන්,මහන මැෂින් ක්‍රියාකරුවන් ආදී රැකියා කරන්නන් ඒ ලයිස්තුවේ ඉහලින්ම ඉන්නවා.
ඉතින් ඔබේ රස්සාවත් හෙටින් ඉවර උනොත් ඔබ මොකද කරන්නේ? මේ කියන දේට ඔය අද ඉදලම ලෑස්ති වෙන්න ඕනේ.ඇත්තම කිව්වොත් ඔබේ රැකියාව අහිමි වීම ගැන ඔබ බියවිය යුතු නැහැ. මොකද කිව්වොත් නැතිවෙන රැකියා වෙනුවට අලුත් රැකියා ලෝකෙට එනවා. එක කොහොමද වෙන්නේ? තාක්ෂනය දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්ට කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මිනිස්සුන්ට නිදහසේ ඉන්න තියෙන වෙලාව වැඩි වෙනවා. ඉතින් එතකොට මිනිස්සු අලුත් අලුත් දේවල් කරන්න පෙලබෙනවා. මේ නිසා අලුත් අලුත් දේවල් ලෝකෙට එනවා. ඒවා ඇසුරු කරගෙන රැකියා බිහිවෙනවා. හොදම උදාහරණෙ තමා කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකේ ඇතිවුණු තත්වේ. පොඩ්ඩක් හිතල බලන්න අද ලෝකේ තියෙන රැකියා වලින් කොච්චර සුළු ප්‍රමාණයක්ද ඒ දවස්වල ලෝකේ තිබුනේ. ඉතින් දැන් තියෙන්නේ තොරතුරු තාක්ෂණ විප්ලවය. කාර්මික විප්ලවයට වැඩ දැවැන්ත වෙනසක් ලෝකෙට කරන්න තොරතුරු තාක්ෂනෙට පුළුවන් වෙලා තියෙනවා.
හැබැයි ඔයාගේ පැත්තෙනුත් වෙන්න ඕනේ දෙයක් තියෙනවා. ඔයත් තාක්ෂනෙත් එක්ක update වෙන්න ඕනේ ඒ කියන්නේ යාවත්කාලින වෙන්න ඕනේ. මෙහෙම හිතමුකෝ ඔයා මීට අවුරුදු විස්සකට කලින් ජිවත් වුනු යතුරුලියන කරුවෙක් කියල, ඔය දන්නේ ටයිප් රයිටරෙන් වැඩ කරන්න විතරක් නම් ඔයාට අද ලෝකේ රස්සාවක් තියෙයිද ? හැබැයි ඔය ඒ දවස්වල අනාගතේ දැකල පරිගණකයෙන් ලිපි සකසන්න ඉගෙනගත්තනම් අදත් ඔයාට කරන්න රස්සාවක් තියෙනවනේද? මේ එක උදාහරණයක් විතරයි.
ඉතින් ඔයා අද ලෝකේ ජිවත් උනත් ඉස්සරහට ලෝකේ ඇතිවෙන ප්‍රවනතාවයන් ගැන දැනුවත් වෙන්න ඕනේ. අද වනවිට කෘතීම බුද්ධි පරිගණක ක්ශ්‍රේත්‍රය සීග්‍රයෙන් දියුණු වෙනවා. මේ නිසා ස්වයන් පාලක වාහන, ස්වයන් පාලක රොබෝවරු ඔබේ ගෙදරට එන දිනය වැඩි ඈතක නොවෙන බව නම් කියන්න පුළුවන්.ඉතින් ඇත්තටම මේ අනාගතයට ඔබ සුදානම්ද?
ඉදිරියටත් මේ වගේ සමහරවිට මීට වැඩිය වෙනස් වෙච්ච පොස්ට් ඔයාලට දැකගන්න හැකිවේවි.දිගටම අපිත් එක්ක රැදී ඉන්න. ඔබේ අදහස් හෝ යෝජනා තියෙනවනම් ඒවත් අපිට එවන්න.
e-mail: techxsrilanka@gmail.com
facebook: https://www.facebook.com/techXsrilanka/
Friday, April 7, 2017
ගෙදරදීම Ink Cartridge රිෆිල් කරමු
අද වන විට ශ්‍රී ලංකාවේ පරිගණකයක් නැති ගෙදරක් හොයාගන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. තොරතුරු තාක්ෂණයේ සීග්‍ර දියුණුව හින්දා ලංකාවේ අපිත් තාක්ෂණයට සැහෙන්න ලං වෙලා.ඉතින් printer එක එහෙමත් නැත්නම් මුද්‍රණ යන්ත්‍රය කියන එකත් අද අපේ ගෘහ භාණ්ඩයක් වෙලා ඉවරයි. පරිගණකයක් තියෙන හැම ගෙදරකම වගේ ප්‍රින්ටර් එකකුත් දැකගන්න පුලුවන්.
ප්‍රින්ටර් ගත්තොත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් දැකගන්න අපිට පුළුවන්.
පියවර 01
මුලින්ම කරන්න තියෙන්නේ පහල තියෙන වගේ Refill-Kit එකක් මිලදී ගන්න. ටිකක් හොයාගන්න අමාරු වෙය් එත් බම්බලපිටිය පැත්තේ රවුමක් ගැහුවොතින් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. එහෙම නැත්තන් ඔයාට පුළුවන් e-bay එක හරහා හෝ වෙනත් අන්තර්ජාල වෙලදපොලකින් ගෙන්වා ගන්න. පහල ලින්ක් එකේ තියෙන්නේ ඒ වගේ අඩු මිලකට ගෙන්න ගන්න පුළුවන් රිෆිල් කිට් එකක්.
http://www.ebay.com/itm/271259498570?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
රිෆිල් කිට් එකක් හොයාගත්තට පස්සේ මේ පොඩි දේවල් ටිකත් හොයාගන්න
ප්‍රින්ටර් ගත්තොත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් දැකගන්න අපිට පුළුවන්.
- Ink-jet printer
- Laser printer
මේ පොස්ට් එක ප්‍රින්ටර් ගැන දාන පොස්ට් එකක් නොවෙන හින්ද මම ඒ ගැන විස්තර කරන්න යන්නේ නැහැ.ඒ ගැන පසු දවසක විස්තර කරන්නම්. අද ගොඩක් ගෙවල් වල දැක ගන්න හම්බවෙන්නේ මේ Ink-jet වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර.
අද වන විට හොද ඉන්ක්ජෙට් ප්‍රින්ටර් යන්ත්‍රයක් රු 5000 කටත් වඩා අඩු මුදලකට වෙළදපොලෙන් මිලදී ගන්න පුළුවන්. (සමහර වෙලාවට ඊටත් අඩුවෙන් )
ඒ වගේම ගොඩක් පරිගණක වෙළෙන්දන් පරිගණක අලෙවි කිරීමේ උපක්‍රමයක් වශයෙන් ප්‍රින්ටර් නොමිලේ ලබාදීමට කටයුතු කරනවා. ඉතින් සල්ලි වලට හරි නොමිලේ හරි ප්‍රින්ටර් එකක් ගෙදර අරන් ආවා කියමුකෝ.
ඉතින් ඕක පාවිච්චි කරද්දී කාලයක් යද්දී කාට්‍රිජ් එහෙම නැත්නම් තීන්ත ඉවර වෙනවා. ඉතින් තව දුරටත් ප්‍රින්ටර් එක පාවිච්චි කරන්න නම් කාට්‍රිජ් එකක් අලුතින් දාන්න වෙනවා. දැන් කාට්‍රිජ් එකක් ගන්න කඩේට ගියාම තමා වැඩේ තරම තේරෙන්නේ. ප්‍රින්ටර් එකට වැඩිය ගණන් කාට්‍රිජ්.
ඉතින් දැන් මොකද කරන්නේ? අලුතින් ප්‍රින්ටර් එකක් ගන්නවද ?
මේකට කරන්න තියෙන හොදම දේ තම කාට්‍රිජ් එක රිෆිල් කරන එක එහෙම නැත්නම් අලුතින් තීන්ත පුරවන එක. ඉන්ක්ජෙට් ප්‍රින්ටර් වල කාට්‍රිජ් දෙකක් තියෙනවා කළු පාටට එකක් සහ වර්ණ මුද්‍රණය සදහා තව එකක්.
ඉතින් රිෆිල් කරන ෂොප් එකකින් ඔයාට පුළුවන් කළු කාට්‍රිජ් එක රුපියල් 150 වගේ මුදලකටත් වර්ණ කාට්‍රිජ් එක රුපියල් 500 ක් වගේ මුදලකටත් රිෆිල් කරගන්න.
එත් අද මම කියන්න යන්නේ කඩේකට දීල රිෆිල් කරගන්න එක ගැන නෙමේ ගෙදරදීම ඔය කියන වැඩේ කරගන්න හැටි !
පියවර 01
මුලින්ම කරන්න තියෙන්නේ පහල තියෙන වගේ Refill-Kit එකක් මිලදී ගන්න. ටිකක් හොයාගන්න අමාරු වෙය් එත් බම්බලපිටිය පැත්තේ රවුමක් ගැහුවොතින් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. එහෙම නැත්තන් ඔයාට පුළුවන් e-bay එක හරහා හෝ වෙනත් අන්තර්ජාල වෙලදපොලකින් ගෙන්වා ගන්න. පහල ලින්ක් එකේ තියෙන්නේ ඒ වගේ අඩු මිලකට ගෙන්න ගන්න පුළුවන් රිෆිල් කිට් එකක්.
http://www.ebay.com/itm/271259498570?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
![]() |
https://www.bchtechnologies.com/media/catalog/product/cache/1/image/9df78eab33525d08d6e5fb8d27136e95/1/_/1_2.jpg |
පියවර 02
රිෆිල් කිට් එකක් හොයාගත්තට පස්සේ මේ පොඩි දේවල් ටිකත් හොයාගන්න
- සෙලෝටේප් රෝලක්
- ටිෂු කඩදාසි කිහිපයක්
- පත්තර කොළ කිහිපයක්
පියවර 03
දැන් තියෙන්නේ ප්‍රින්ටර් එකෙන් කාට්‍රිජ් එක ගලවගන්න එක. හැම ප්‍රින්ටර් එකකම මැනුවල් එකේ කාට්‍රිජ් එක ගලවන විදිය සදහන් කරලා තියෙනවා. ඒ උපදෙස් අනුගමනය කරලා කාට්‍රිජ් එක ගලවන්න. මැනුවල් එක ලග නැත්නම් ප්‍රින්ටර් එකේ මොඩෙල් එක සදහන් කරලා ගූගල් සෙව්මක් කරනම් පහසුවෙන්ම කාට්‍රිජ් එක ගලවන විදිය හොයාගන්න පුළුවන්.පහල වීඩියෝ එකේ තියෙන්නේ hp ප්‍රින්ටර් එකක කාට්‍රිජ් එක ගලවන විදිය. අනිත් ප්‍රින්ටර් මාදිලි වලත් ඔය වගේ ක්‍රියා පිළිවෙලක් තමා අනුගමනය කරන්න තියෙන්නෙ.
පියවර 03
වැදගත්ම දේ ඔයාගේ කාට්‍රිජ් එක රිෆිල් කරලා නැවත පාවිච්චි කරන්න සුදුසු තත්ත්වයේ තියේද කියල පරික්ෂා කරගන්න වෙනවා.
ටික කාලයක් පාවිච්චි නොකර
තිබ්බම කාට්‍රිජ් එකේ තීන්ත වේලිලා
හිරවෙන්න පුළුවන් මේ වගේ වෙලාවට ප්‍රින්ටර් එකට
කලින් වගේ ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද කාට්‍රිජ් එකෙන්
ප්‍රින්ටර් එකට තීන්ත එන්නේ නැහැනේ. ඒ නිසා අපි මුලින්ම කාට්‍රිජ් එක වැඩ කරන
තත්වයේ තියේද කියල බලන්න ඕනේ.එකට කරන්න ඕනේ ටිෂු කඩදාසියෙන් කාට්‍රිජ් එකේ යට අඩිය
පිහිදල බලන්න තීන්ත පාරක් හිටිනවද කියල එහෙම තීන්ත පාරක් හිටිනවනම් ඔයාට කිසි
ප්‍රශ්නයක් නැතිව රිෆිල් කරන්න පුළුවන්.
කාට්‍රිජ් එකෙන් තීන්ත එන්නෙ නැත්තන්
වැඩේ දරුණුයි. ඒ කියන්නේ සමහර වෙලාවට කාට්‍රිජ් එක විසි කරන්න වෙන්නත්
සිද්දවෙනවා.හැබැයි එහෙම තීන්ත හිරවුණු කාට්‍රිජ් එකක් උනත් යථා තත්වයට පත් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඒ
හින්ද බයවෙන්නෙපා. ඒවා ගැන පස්සේ දවසක පොස්ට් එකක් දාන්නම්.
පියවර 04
දැන් තමා වැඩේට බහින්න තියෙන්නෙ.
ඔක්කොටම කලින් කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා.
- මුලින්ම ඔයාට අත් ආවරණ දෙකක් පලදගන්න වෙනවා. මොකද අතේ තීන්ත ගෑවුනොත් යවාගන්න සැහෙන අමාරුයි.
- ගොඩක් වෙලාවට ඔයාට රිෆිල් කිට් එකත් එක්කත් මැනුවල් එකක් හම්බවෙනවා ඒකත් පොඩ්ඩක් කියවල හිටියොත් හොදයි.
- දැන් ටිෂු කොලේ දෙකට නවල එක උඩින් කාට්‍රිජ් එක තියාගන්න මේ විදියට
පියවර 05
දැන් ඊලග වැඩේ තමා කාට්‍රිජ් එකේ තීන්ත ඇතුල් කරන සිදුරු හොයාගන්න එක. කළු කාට්‍රිජ් එකේ නම් එක සිදුරයි තියෙන්නෙ හැබැයි වර්ණ කාට්‍රිජ් එකේ සිදුරු තුනක් තියෙනවා. ඉතින් අදාළ පාට තීන්ත ඇතුළු කරන්න අදාල සිදුරු හොයාගන්න වෙනවා.විශේෂයෙන් සැලකිල්ලක් දක්වල නිවැරදි සිදුරු තුන තෝරාගන්න මොකද වැරදි සිදුරකට වැරදි පාටක් ඇතුළු කලොත් ඔයාට කාට්‍රිජ් එක විසිකරන්න වෙනවා. මේකටත් කාට්‍රිජ් එකේ මොඩෙල් එක google සෙව්මක් කලානම් පහසුවෙන් හොයාගන්න පුළුවන්.ඒ නැතත් සිදුර දිහා හොදින් බැලුවනම් ඒ සිදුරට අදාල පාට බලාගන්න පුළුවන්.(සිදුරු බලාගන්න නම් උඩ තියෙන ස්ටිකර් එක ගලවන්න වෙනවා)
![]() |
copyrights:http://images.pcworld.com/images/article/2011/05/hp_cartridge_holes_606-5170615.jpg |
පියවර 06
දැන් තියෙන්නේ තීන්ත ඇතුල් කරන වැඩේ.මේකට ගොඩක් වෙලාවට රිෆිල් කිට් එකත් එක්කම එන සිරින්ජිය භාවිත කරන්න පුළුවන් සිරින්ජියක් හම්බුනේ නැත්නම් ෆාමසියකින් සිරින්ජි හතරක් ගන්න වෙනව පාට හතරට.දැන් කට්ට සිදුරෙන් හැකිතාක් ඇතුලට දමා තීන්ත ඇතුල් කරන්න.තීන්ත ඇතුළු කිරීමේදී ඇතුලට වායු බුබුළු නොයන පරිදි ඇතුළු කරන්න.
තීන්ත ඉහිරෙන්නැති වෙන්න හෙමින් තීන්ත ඇතුළු කරන්න.සිදුර තුලින් තීන්ත එලියට එන්න හදන තෙක් තීන්ත ඇතුළු කරන්න.තීන්ත ඇතුළු කර අවසානයේ කටුව සෙමින් එලියට ගන්න.
ඉන්පසු සිදුරු වැහෙන පරිදි සෙලෝටේප් කැබැල්ලක් අලවන්න.පාට හතරම ඔය විදියට පුරවන්න.
පියවර 07
දැන් වැඩේ 90% ක් ම ඉවරයි. දැන් ටිෂු කොලෙන් කාට්‍රිජ් එකේ තීන්ත එලියට එන කොටස පිහිදමන්න, සිහින් වර්ණ තීරුවක් පමණක් පෙනෙන තෙක් පිසදමන්න.(වර්ණ කාට්‍රිජ් එකේ තීරු තුනක් තිබිය යුතුයි)
![]() |
copyright:http://www.wikihow.com/Refill-an-Inkjet-Printer-Cartridge#/Image:Refill-and-Reuse-a-Printer-Cartridge-Step-18.jpg |
දැන් ඉතුරු වෙලා තියෙන්නේ කාට්‍රිජ් එක ප්‍රින්ටර් එකට ඇතුළු කරන එක විතරයි. ඊට පස්සේ ප්‍රින්ටර් එක පරිගණකයට සම්බන්ධ කරලා test page එකක් ප්‍රින්ට් කරලා බලන්න.
මේක තම මේ බ්ලොග් එකේ පලවෙනි පොස්ට් එක. පොස්ට් එක හොදයි නම් share කරලා අපිට සහයෝගයක් දෙන්න.මේ ලිපිය සකස් කරන්න උදව් කරගත්තේ මෙන්න මේ wikipedia ලිපිය,
ඉදිරියටත් මේ වගේ සමහරවිට මීට වැඩිය වෙනස් වෙච්ච පොස්ට් ඔයාලට දැකගන්න හැකිවේවි.දිගටම අපිත් එක්ක රැදී ඉන්න. ඔබේ අදහස් හෝ යෝජනා තියෙනවනම් ඒවත් අපිට එවන්න.
e-mail: techxsrilanka@gmail.com
facebook: https://www.facebook.com/techXsrilanka/
Subscribe to:
Posts (Atom)
-
අද වන විට ශ්‍රී ලංකාවේ පරිගණකයක් නැති ගෙදරක් හොයාගන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. තොරතුරු තාක්ෂණයේ සීග්‍ර දියුණුව හින්දා ලංකාවේ අපිත් තා...
-
ගූගල් මැප්ස් කියන්නෙ මග තොටේ ගමන් කරන කා අතරත් ජනප්‍රිය app එකක්. නොදන්න තැනක් හොයාගන්න නොදන්නා පාරක් හොයාගන්න, නොදන්නා තැනකට යන්න ගතවෙන වෙ...
-
facebook කියන්නේ අද වනවිට මිනිසුන්ට රුපවාහිනිය,ගුවන්විදුලිය තරමටම සමීප මාධ්‍යයක් වෙලා ඉවරයි. facebook ගිණුමක් නැති කෙනෙක් හොයාගන්නවා කියන්නේ...